Saturday, November 24, 2012

ලාංකිකයෙක් ඈතදීම හඳුනා ගන්නේ කෙසේද ?

ඊයේ සුමුතුත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා පාක් එකට. ගේ ගාව තියෙන්නේ. ලස්සන කැලයක්. ටික දුරක් යනකොට කිලෝමීටර් බාගයක් විතර ඈතින් දෙන්නෙක් එනවා. දැක්ක හැටියේ මං කිව්වා ඔන්න ලංකාවේ දෙන්නෙක් කියල !

සුමුතු අහනවා මෙච්චර ඈත ඉඳන් කියන්න පුලුවන්ද ?
කොහොමින් කොහොම හරි ලඟට ආවම දෙන්නගේ පාට දැකල සුමුතු කියනවා මේ දෙන්න නම් ලංකාවේ නෙමෙයි ... ඉන්දියාවේ....
මන් කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ.
ඉඳපන්කෝ , අන්තිම ටැස් එකත් කරන්නම් කියල දෙන්න ලඟින් යනකොට මගේ සුපුරුදු ටැස් එකත් දෙන්නට කරා...
දෙන්නම උඩින්ම පාස්.... ආයි දෙකක් නැහැ මේ දෙන්න ලංකාවේ බව උන්දෙන්න දන්නේ නැති උනත් මට නම් සියට දෙසීයක් ෂුවර්!!!

කොහොමද මෙහෙම ඈතදීම අඳුන ගන්නේ ?

1. කවුරුත් දන්නවනේ කාලගෝලය ... රවුම් disproposhanete ශරීරය , බොහෝ කොට දැලි කළු පැහැති , රවුම් මුහුණ.... , නෙරා ආ උදරය , ඔරවගත්ත බකුසු ඇස් ... , සැකෙන් පිරි පුළුටු මුහුණ .. කැරලි ගැසුණු බොහෝකොට නොපීරු හිසකෙස්

කාලගොලයට හිටියේ බාරියාව විදියට දික්තලා. සුන්දර කාන්තාවක්. කතාව ඉන්දියාවෙනේ.... එක හින්ද ඒ වගේ දික්තලාල ලංකාවේ නැහැ. ලංකාවේ කාලගොලයන්ට ඉන්නේ ඒ වගේම ශරීර ඇති බාරියාවන්. ශරීර විස්තර ඉහත දැක්වුව හින්ද ආයි දානේ නැහැ. ශරීරයට සාපේක්ෂව හිස මදක් කුඩායි.

2. ඇඳුම්.... හ්ම්ම්ම් .. පුරුෂයන් නම් කොලර් එක ඇති අඳුරු වර්ණයන්ගෙන් යුතු පොලෝ වගේ ශර්ට්ස්. ශරීරයට නොගැලපෙන කොට කලිසමක්. බොහෝ කොට රබර් සෙරෙප්පු නැත්නම් කලාතුරකින් සපත්තු. කාන්තාවන් අඳින්නේ ඇඟට හිර ඇති ඉනේ ටයර් හොඳට පේන ඇඳුම්. කලිසමක්. ලාභ සපත්තු දෙකක්. මෙහෙමයි... කාන්තාව කඩේට ගිහිල්ල අවුරුදු පහකට කලින් තමන් ගේ ශරීරය තිබිච්ච විදිය ගැන කල්පනා කරලා ඇඳුම් ගන්නවා. ඒක තමයි ලංකාවේ කාන්තාවන් අඳින විදිය. හුඩි එකක් නම් හැම විටම ඒක ඔලුව වැහෙන්න දාගන ඉන්නේ.

3. ඈතදීම අඳුර ගන්න පුළුවන් හොඳම විදිය තමයි ලංකාවේ කාන්තාවන්ගේ ශරීර වල මේද පැතිරීම අද්යයනය කිරීම. කොකේසියානු කාන්තාවන්ගේ උරහිස් පටුයි. උදරය සහ උකුල් අශ්‍රිතව මේදය එකතු වෙනවා. ඔවුන්ගේ ශරීර උඩට තුඩ හරවන ලද ත්‍රිකෝණයක ආකාරය ගනී.(4 වෙනි රූපය) ලංකාවේ කාන්තාවන් ගේ මේදය එකතු වන්නේ උරහිස් සහ පපුව අශ්‍රිතව. ඔවුන්ගේ ශරීර තුඩ බිමට හරවන ලද ත්‍රිකෝණයක ආකාරය ගන්නවා. (2 වෙනි රූපය)ලංකාවේ ස්ත්‍රීන් කසාද බැඳ වසර දෙක තුනකින් මි ගවයන් මෙන් තෙලෙන් ආරන නිසා මේ ටැස් එක ඕන ලාංකේය කාන්තාවකට , වැරදෙයි කියල කිසි බයක් නැතිව කරන්න පුළුවන්.

4. නමුත් ලාංකිකයෙක් හඳුර ගැනීමේ මගේ හොඳම ටැස් එක මේවා නෙමේ. හොඳට ලඟට එනකම් ඉඳල කට පුරා සුන්දරව සිනහ වීම තම මගේ නොවරදින ටැස් එක. ලංකික පුරුෂයෙක් නම් ඔහු එවිට හෙණ ගහපු උලමෙක් , උනේ මොකද්ද කියල කල්පනා කරනවා වගේ මගේ මුහුණ දිහා බලන් ඉන්නවා. ප්‍රති සිනහ වීමක් නැත. බකුසු මුහුණ වෙනස් නොවී පවතී. මේකට මිස් අනන්තා පාවිච්චි කරන වචනය තමයි staring guys කියන එක. ලංකික කාන්තාවක් දිහා බලල එහෙම හිනා වුනහම ටක් ගාල අහක බලා ගන්නවා. හරියට දෘශ්‍ය මාර්ගික ස්ත්‍රී දුෂණයක් කරන්න හැදුව වගේ.

ලංකාවේ මිනිසුන් සැම විටම සිනහවෙන් ඉන්න සුන්දර මිනිසුන් පිරිසක් කියල කුඩා කාලේ ඉඳන් මගේ ඔළුවට කාවද්දල තිබ්බට පසු කාලයකදී ඔවුන්ගේ හැසිරීම් අද්යයනය කරනකොට එහෙම නොවෙයි කියල පැහැදිලිවම පෙනුනා. ඔවුන් සැම විටම සැක පිරි මුහුණෙන් අනුන් දිහා බලන්නේ. කෙනෙක් දිහා බලල සිනහ වුනහම ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ එක්කෝ මු මට දැන් අරින්න එනවා , එහෙම නැත්නම් මු අලි මෝඩයෙක්. ඕක හිත හිත ඉන්න හින්ද ඔවුන්ට ප්‍රති සිනහ වීමට අමතක වෙනවා කියන එකයි මගේ නම් විශ්වාසය.

අන්තිමට කියන්න ඕනේ මේක සමාජ අද්‍යයනයක් මාර්ගයෙන් මං ලබාගත්ත දැනුමක් මිස අපහාසයක් නොවෙන බව....
^_^

8 comments:

  1. අනේ කොල්ලෝ උබනම් ලංකාවේ ආන්ටිලගෙන්,අක්කිලගෙන්,නංගියන්ගෙන් සහ සමහර ආච්චිලගෙන් [ඔබගේ වයස මම නොදන්නා නිසා]කන්න හදන්නේ කුණු කතා කියල.දැන් ළමයි දෙතුන් දෙනා හම්බවෙච්ච අම්මල 16යෙ කෙල්ලන්ට එහා.ආච්චිලා ළමයෙක් හම්බඋන 25හෙ කෙල්ලෝ වගේ.[ලංකාවෙ කොලබ ඉදල ගම්බද පළාත්වලට යනකන් තියෙන සැලෝන් ප්‍රමාණයෙන් කොහොමද වැඩේ කියලදැනගන්න පුළුවන්.ඉස්සර තිබුනේ චයිනිස් කඩ ]අර අන්තිමට කියල තියෙන එකනම් හරි මලාට හිනාවෙන්නේ නැතිඋනුත් ඉන්නවා.තවත් සමහරු ඉන්නව කතාවට අහුඋනාම මලාට කතාව නවත්වන්නේ නැතිව ඇනයක් වෙන අයත්.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ... මට වයස 32 යි. හිතෙන දේ ඒ විදියටම කියනවා , ලියනවා ... කිසිවෙක් සතුටු කිරීමට හෝ අමනාපයට පත් කිරීමට නෙමයි. සිතෙහි පැන නගින සිතිවිලි විරේක නොකරොත් පැන නගින මානසික පීඩනය අවම කර ගැනීමට.

      ස්ත්‍රීන් ඔවුන්ගේ ශරීර ගැන , ස්ථුල තාවය ගැන , සෞක්‍යය ගැන පෙරට වැඩ උනන්දු වීම මා නම් ඉතා අගය කරන දෙයක්. කසාද බැඳ වසර කීපයකින් ත්‍රිරෝද රථයක ප්‍රමාණයක තෙල් මන්ද ආරගෙන දකින්න අජුව විදියට සිටින ස්ත්‍රීන් මට නම් පිළිකුල්. ලිංගික ආකර්ෂණය රහිත එවැනි මස් ගොඩවල් ගෙදර තබා ඔවුන්ගේ පුරුෂයන් පර ස්ත්‍රීන් කරා යාම සුලභයි. එකෙන් මේකෙන් වෙන්නේ දරුවන් සහිත පවුල් කැඩී බිඳී යාමයි. තමන්ගේ ශරීර ගැන යම් පමණකින් උනන්දු වීම , ශරීරයේ ප්‍රියංකර භාවය පවත්වා ගැනීම කාන්තාවන්ගේ self esteem එක වැඩීමටත් හේතුවක්. නිවෙස් වල සිදුවන කාන්තා හිංසනය අවම වීමටත් එය හේතුවක් වේවි... එහෙම නේද ?

      Delete
    2. Tiraj ;...මම ඔබට කියුවේ තරහ ගැනීමට නොව.අපගේ මව්තුමියන්ගේ කාලයට වඩා ස්ත්‍රී පක්ෂය දැන් කාලයේ තමන්ගේ ශරීරය පිළිබද උනන්දු බව කීමටයි එහෙම ලියුවේ.කොල්ලෝ කිව්ව එකටනම් සමාව ගන්න ඕන නැහැ ඔබට වඩා 20 + නිසා.

      Delete
    3. මලා ජෝන් !!! ... මන් ලිව්ව විදියට ඔබට පෙනුනේ මං තරහෙන් ලියනවා වගේද ? අපොයි නැහැ.. ඔබට බොහොමත්ම ඉස්තුතියි අදහස් දැක්වීමට. මං ලියන ශයිලියට සැවොම වගේ හිතන්නේ මං බොහොම තරහෙන් , අවඥාවෙන් , අනිකුත් අය පහත හෙළ අවමන් කරන අදහසෙන් ලියනවා කියා... නමුත් එහෙම දෙයක් නැහැ. උපහාසාත්මක වින්දනය (මටත් ඇතුළුව) සහ අන් අය කෙලින් නොකියා වටේ යන මිනිස් ලක්ෂණ කෙලින්ම කීමත් ඇරෙන්න එහි ඇති දෙයක් නැහැ. එහෙම කෙලින් කියන්නෙත් එය බලන එක කෙනෙක් හරි තම ක්‍රියාකාරකම් නිසි ලෙස සකස් කර ගනී කියන මයිත්‍රී පුර්වාන්ගම බලාපොරොත්තුවෙන්.

      ඩේල් කානගී මහත්මයා කෙනෙකුට සිනහවෙන් සංග්‍රහ කිරීම ගැන කිව්වේ මෙහෙමයි... සිනහවේ , මෛත්‍රීයේ අගය දන්නා මට කෙනෙකුට දැනුවත්ව ද්වේශ සහගත වීම කිසිලෙසකින් වත් කල නොහැකියි. :)

      Delete
  2. ස්ත්‍රීන් ඔවුන්ගේ ශරීර ගැන , ස්ථුල තාවය ගැන , සෞක්‍යය ගැන පෙරට වැඩ උනන්දු වීම මා නම් ඉතා අගය කරන දෙයක්. කසාද බැඳ වසර කීපයකින් ත්‍රිරෝද රථයක ප්‍රමාණයක තෙල් මන්ද ආරගෙන දකින්න අජුව විදියට සිටින ස්ත්‍රීන් මට නම් පිළිකුල්. ලිංගික ආකර්ෂණය රහිත එවැනි මස් ගොඩවල් ගෙදර තබා ඔවුන්ගේ පුරුෂයන් පර ස්ත්‍රීන් කරා යාම සුලභයි. එකෙන් මේකෙන් වෙන්නේ දරුවන් සහිත පවුල් කැඩී බිඳී යාමයි. තමන්ගේ ශරීර ගැන යම් පමණකින් උනන්දු වීම , ශරීරයේ ප්‍රියංකර භාවය පවත්වා ගැනීම කාන්තාවන්ගේ self esteem එක වැඩීමටත් හේතුවක්. නිවෙස් වල සිදුවන කාන්තා හිංසනය අවම වීමටත් එය හේතුවක් වේවි... (අමුතුවෙන් කියන්න දෙයක් නෑ...ලංකාවෙ ඉන්න ගෑනු හරියට තාර පීප්පෙට කෝටු එබුව වගේ :D :D)

    ReplyDelete
  3. Tiraj. ... you have studied sri lankan woman very well. By the way, What is your mother's dress size now. I mean real dress size not the dresses she buys

    ReplyDelete
    Replies
    1. This is a generalization. It applies to my loved ones too. I have no partiality.

      Delete