Sunday, September 18, 2011

මිණි වදන්

මහණනි බලව... තොප ඉදිරියේ ගංගා  ජලෙහි සැඩ පහරට හසුව ගලා බස්නා රුක් කඳන් දෙස.
ඉමහත් වැරෙන් පාවී ගියත් මේ රුක් කඳන් සියල්ල මුහුදට නොම වැටේ.

කිසිවක් මෙගොඩ ඉවුරෙහි රැඳේ.
ඇතැම් කඳක් එගොඩ ඉවුරෙහි රැඳේ.
ගඟෙහි උස්ව නොසෙල්වී ඇත්තාවූ පස් කන්දක සැපී ඇතැම් කඳක් මග නවතී.
සැඩ රලෙහි සැඟවී ඇත්තාවූ සුළි විසින් ඇතැම් රුක් කඳක් සඟවා ගනී.
මිනිසුන් විසින් කොකු දමා ඉවුරට ඇද ගන්නා වුද , උතුම් ලීයෙන් නොසැදුනු නිසා දිය වැදීමෙන් කුණුවී
සයුර නොදැකම ගිලා බස්නා වූ ලී කඳන්ද පවතී.

මහණනි , තොප පිලිපද්නා අරි අටැඟි මගද මෙම නදිය වැන්නකි. ගඟ නොනැවතී සයුරට ගලා බස්නා සේ එම අරි අටැඟි මගද නිවන අරමුණු කොටම පවතී.
ගඟෙහි ගලා බස්නා මහත්වූ ලී කඳන් වන් වූ තොප ඇස , කන , නාසය , දිව , ශරීරය, මනසාදී
වූ ෂඩ් ද්වාරයන් ට අරමුනුවනාවූ දෙයැ වින්දනය කෙරෙත්නම් කොටය මෙගොඩට ගැසුවා වන්නේය.
රුප , ශබ්ද , ගන්ධ , රස , ස්පර්ශ ආදී වූ අරමුණු අභිනන්දනය කෙරෙත් නම් කොටය එගොඩට ගැසුවා වන්නේය.
තොපගේ නොසැල්ව උස්ව ඇත්තාවූ මානය නිසා කොටය පස් කන්දෙහි සැපි නතර වුවා සේ නිවන් මග අසුරා ගන්නේය.
නන්දිරාගයෙන් පසුවන්නාවූ යමෙක් ඇත්නම් ඔවුන් සුලියට අස්වූ කඳන් සේ පත්ලට ඇදී යන්නාහ.
නිවනක් නම් නොම දකින්නාහ . දුශ්ෂිල වීම නිසා කුණුවූ කොටයක් දියබත් වන්නා සේ සතර අපායේ ගිලී යන්නේය.
ගිහිකම් කරන්නාවූ ගිහියන් ගේ වැඩට අනුබල උපකාර වෙමින් පවත්නා වූ අයෙක් වෙත්නම් , මිනිසුන් විසින් කොකු දමා තම ප්‍රයෝජනයට දියෙන් ඇද ගන්නා වූ කොටයක් හා සම වන්නේය.

මෙවන් වූ කිසිදු අන්තරාවකට හසු නොවන්නාවූ ස්වල්පයක් පමණක් සයුර තෙක් පාවී යන්නාවූ ලි කඳන් ස්වල්පය සේ අරි අටඟි මගෙහි කෙළවර දක්නාහ.

ගෞතම බුදුන්, අයෝ‍ද්‍යාවේදීය

No comments:

Post a Comment