Monday, September 26, 2011

මිණි වදන්

©2011 Buddha Dharma
Education Association Inc
බ්‍රාහ්මනයනි , තණ අගැ රැඳී පිනි බිඳ හිරු නැගැ එත්ම සැනකින් වියැකී යන්නා සේ , මහ වැසි වසිද්දී හට ගන්නා පෙන පිඬු මොහොතක් නොපවතී නැසී යන්නා සේ , දඬුවකින් දියෙහි ඇඳි ඉර ඇඳි සැනෙකින් මැකී යන්නා සේ , බොහෝ වෙලා රත්වූ යකඩයැකට හෙලන ලද දිය බිඳ සැනෙන් වියැකී යන්නා සේ මෙලොව වස්නා මිනිසුන්ගේ ජීවිතය බොහෝ ස්වල්ප වූ කාලයක් පමණක් පවතින්නකි.

වධකයා වෙත පිය මනින්නා වූ ගවයැකු සේ දිනෙන් දින මෙදිවිය මරණය කරා පිය මනී.මෙසේ වූ මෙම ජීවිතය මොහොතකින් නැසෙන්නකි . ස්වල්ප කාලයක් පමණක් පවතින්නකි . බොහෝ දුක් ඇත්තකි. පීඩාවෙන් ගැවසුනකි. එයැ කඩා හැලෙනා දිය දහරක් වැන්න. උපන් සත්වයා හට නොමැරී සිටීමට නම් ක්‍රමයක් නොමැත්තේමය.

විගස නැසෙන්නා වූ මෙදිවිය ප්‍රඥ්ඥාවෙන්ම අවබෝධ කොට ගත යුත්තේය . එහෙයින් නොපමාව කුසල් දම්හි යෙදෙව. බඹසරෙහි හැසිරෙව. රුක් මුල් ඇත්තාහ . ශුන්යාගාරයෝ ඇත්තාහ. වහා කෙලෙස් මැඩීමේ යුක්ත වවු. අප්‍රමාදී වවු. පසුව පසුතැවිලි නොවවූ.

අරක සුත්‍රයැනි

No comments:

Post a Comment