Saturday, March 31, 2012

උට්ඨාන සුත්‍රය

අලස බව ඉවත දා නැගී සිටිව්. පලක් බැඳ සිඳ කර්මස්ථානය මෙනෙහි කරව්. නින්දෙන් කවර පලක්ද ? උලකින් විදින ලදුව විපතට පත් වී අයසට පත්වී සිටින තොප හට කවර නින්දක්ද? නැගී සිටිව්. හිඳ ගනිව්. නිවන් පිණිස දැඩිව වෙර වඩව්. ප්‍රමාදී වූ තොප මරුගේ වසඟයට නොම වැටේවා. 

රුප ,ශබ්ධ , ගන්ධාදී අරමුණෙහි තෘෂ්ණාව උපදවා ඒ ඒ දැයෙහි දෙවියන් හා මිනිසුන් ඇලී සිටිත්. තොප ඒ ලාමක වූ තෘෂ්ණාව තරණය කරව්. මහණදම් පිරීමේ මේ දුලබ මොහොත ඉක්ම යා නොදෙව්. මේ ක්ෂණ සම්පතිය ඉක්ම යා දුන්නාහු , නිරයේ පිහිටියාහුය , ශෝක කරත්මය. 

ප්‍රමාදය කිලිටකි. ප්‍රමාදය නිසා යලි යලිත් ඇතිවන ප්‍රමාදය ද කිලිටකි. අප්‍රමාද වී ආශ්‍රවයන් ක්ෂය කර විද්‍යාව උපදවා රාග , දේවේශාදී පංච හුල් හුදුරා දමව්. 
ගෞතම බුදුන් - උට්ඨාන සුත්‍රය

No comments:

Post a Comment