Thursday, May 3, 2012

දම්පල් ප්‍රතිරාව - ඉන්දියාවේ බුදු දහමේ විනාශය

දහ අට වන ශත වර්ෂයේ දස වන දශකයේ දී විවිධ යුරෝපිය රටවලින් විනාශකාරී ආයුධ වලින් හා වස විස වලින් සන්නද්ධ වූ දාමරිකයෝද සොරුද මුහුදු කොල්ල කරුවෝද සහසිකයෝද දුරචාරී පදඩයෝද ආසියාවට අවුත් දුබල ජාතින් විනාශ කොට ඔවුන් යටත් කොට ඒ රටවල් කොල්ල කෑහ. දේශපාලන වශයෙන් නිදහස් ජාතීන්ට වහලුන් වීමට සිදු වුයේය. ප්‍රතිමා නාශක මුස්ලිමුන් ගේ යුගය හැර , මේ යුරෝපිය සාහසිකයන් විසින් කරන ලද දේශපාලන අපරාධ වලට සමාන්තරයක් මුළු ලෝක ඉතිහාසයේම නැත්තේය.

මොහොමඩ් ගේ අනුප්‍රාප්තිකයන් විසින් ආරම්භ කරන ලද රටවල් කොල්ල කෑමේ ක්‍රියා පිළිවෙල අනුව , තවත් රටවලට ලෝභයෙන් අරාබියේ සිට ආ කෘර වුද ම්ලේච වුද සේනා , කඩුව හා කොරානය ගත් අත් ඇතිව , පර්සියාවත්   ඉන්දියාවත් අතර තිබු රටවල් විනාශ කර පාළු කර දැමුහ. කලාවක් හෝ සාහිත්‍යයක් හෝ කලාත්මක සෞන්ධර්යයක් නොදත් ම්ලේච කෘර සේනාවකට මුහුණ දීමට අවුරුදු දෙදහසක් තිස්සේ පවතී ආර්යය ශිෂ්ටාචාරයට  සිදු වුයේය.  ඔවුන්ගේ මුඛ පාටය වුයේ විනාශ කිරීමය.

ඉන්දියාවට ඇතුළු වූ ඔවුහු බුධාගම අල්ප මාත්‍රයක් වත් ඉතිරි නොකොට විනාශ කර දමා, ජනතාව බලෙන් ඉස්ලාම් ආගමට හරවා ගත්හ. අධ්‍යාපන මධ්‍යස්ථාන කොල්ලකෑමේ මධ්‍යස්ථාන බවට පත් විය. ඉන්දියාවට බුදුන් වහන්සේගේ උතුංග වූ ආගම නැති වී ගියේය. ගිහි බෞධයෝ බලහත් කාරයෙන් ලක්ෂ ගනනින් අරාබියාවේ සෙම්මතික ආගමට හරවා ගනු ලැබුහ.

එකල ඉන්දියාවේ එකදු මුස්ලිම්මේක් වත් නොවූයේය. අද  (1926)  මුස්ලිම්හු හැත්තැ  ලක්ෂයක් ඉන්දියාවේ සිටිති. හින්දු වරු හා මුස්ලිම් වරු එකිනෙකා මරා ගනිති. බ්‍රිතාන්‍යයෝ සිය අපක්ෂ පාති භාවයෙන් යුතුව දෙපක්ෂයටම වෙඩි තබා මරා දමති.
(අනගාරික ධර්මපාල - ම.බෝ.ස 34 වෙළුම , දෙසැම්බර් 1926)

2 comments:

  1. නාලන්දා විශ්වවිද්‍යාලයේ පුස්තකාලය දින කීපයක් ගිනි ගත්තු බවත් සඳහන්

    ReplyDelete
    Replies
    1. මං නම් අහල තියෙන්නේ මාස තුනක් එක දිගට දුම් නැගුනි කියා ... ඒ පුස්තකාලයේ ගොඩනැගිල්ලේ විශාලත්වය දුටු කෙනෙක්ට එය සැක කල නොහැකියි ...

      Delete