Monday, July 16, 2012

ශ්‍රව්‍ය පොත් සිංහලෙන් - අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව


/* දැන් මාස එකහමාරක් පමණ තිස්සේ මේකත් එක්ක ඔට්ටු වෙලා එඩිට් කිරිල්ලේ ඉවරයක් නැති හින්ද එපා වෙලා අත ඇරලා දාල හිටියේ. අත ඇරලා දාන්න තවත් හේතුන් තමයි මේකේ නිමාව උසස් මට්ටමක නොතිබීමත් , මෙවන් දෙයක් කිරීමට මට නීතිප්‍රකාර බලයක් නොතිබීමත්ය. නමුත් විචාරක සර් ගේ ලිපියක තිබ්බ යුද්ධයෙන් ඇස් අන්ධවෙච්චි රණවිරුවන් ගැන සඳහන්වෙච්ච් කොමෙන්ටුවක් දැක්කහම , අදම මේක ඉවර කරලා ඔන්න ඔහේ නෙට් එකට දැම්මොත් හොඳයි කියල හිතුනා.*/ 

කොහොමින් කොහොම හරි ,බොහෝ සතුටෙන් තමයි මේ ශ්‍රව්‍ය පොත ගෙන එන්නේ. පොත තමයි ඉතින් කවුරුත් දන්න නුතන බුද්ධගෝෂ වූ 
අතිපුජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ චත්තාලිසාකාර මහා විදර්ශනා භාවනාව. වැඩිය ලොකු නැහැ. නමුත් ඒ හිමියන්ගේ පොත්වලින් මම  කැමතිම පොත. මේක කරේ දෘශ්‍යාබාධිත කට්ටියට උදව්වක් විදියට. තමන් දන්න අඳුනන ධර්මයට කැමැත්තක් ඇති ඒ වගේ කට්ටියට මෙය පිළිවන් ක්‍රමයකින්  ලබා දෙන්න. පිරිසිදු තථාගත ධර්මය ලබාගැනීමට අසීරු එවන් අයට එවන් උපකාරයක් කිරීමෙන් ඔබට  බොහෝ පින් ලැබේවි.  

දැන් ඉතින් හැම තැනම , හැම චැනල් එකේම බණ යනවනේ. මේවා මොකටද කියල හිතෙයි. නමුත් බණ කියන පැයක පමණ කුඩා කාලයේදී ඒ හිමිවරුන් කුඩා ධර්ම විස්තරයක් අරගෙන ඒක පැහැදිලි කරලා දෙන එක තමා කෙරෙන්නේ. ඒවා අහල ධර්මය ගැන පැහැදිලි පුළුල් අවබෝධයක් ගන්න බැහැ.  මුළුමනින්ම අහන්නේ නැතුව කැලි කැලි අහල වැරදි කොනින් අල්ලගෙන වැරදි විදියට තේරුම් අරන් ඉන්න අයත් බොහොමයි. ඇහුවම කියන්නේ අර හාමුදුරුවෝ මෙහෙම කියුව , අරහෙම කියුව කියල. ඒක හාමුදුරුවන්ගේ වරද නෙවෙයි. කුඩා කාලයකින් ගැඹුරු ධර්ම කොටසක් විචිකිච්චා ඇති නොවන පරිදි   විස්තර කිරීමට ඇති අපහසුතාවය නිසා වෙන එකක්. ඒක හින්දයි තමයි මේ වගේ පොතකින් දෘශ්‍යාබාධිත කට්ටියට පිහිටක් ලැබෙන්නේ.

මේක කරන්න ලොකු කට්ටක් කෑවා. සද්ද බද්ද නැති සවුන්ඩ් ස්ටුඩියෝ අපිට කොහෙන්ද.... රෙකොර්ඩ් කරන්න ගියහම තමයි තේරුම් ගියේ අප අවට පරිසරයේ කෙතරම් නම් ශබ්ද දුෂණයක් තියෙනවද කියල. වාහන වල සයිලන්සර් වලට ගැජට් කැලි හයිකරගෙන බූම් බූම් ගාගෙන යන ඇත්තො එක්ක කොහෙන්ද කනට නිවනක්!. සද්ද බද්ද අඩු තැනක් සොයාගන්න ගත්ත දැඩි උත්සහයකින් පස්සේ අන්තිමේදී ගිහිල්ල නතර උනේ  මෙල්බෙර්න් වලින් කිලෝමීටර් 80 ක්  විතර ගියහම වොබර්ටන් පන්සල තියෙන අලංකාර කඳු  ප්‍රදේශයක තිබ්බ කැලෑවක. දොලපාරක්  අයිනේ වාහනේ නවත්තගෙන  තමයි ගොඩක් කොටස් කියෙව්වේ. පහත ඇති එතන.


මාසයක් විතර...  ලැබෙන හැම විවේක කාලයම  යෙදවුනේ මේකට. නිකරුනේ පුච්චා නොදමා , සම්ප්‍රප්ප්‍රලාප  වලින් කල් ගත නොකොට  ඒ කාලය මෙවන් දෙයකට යෙදවීමට ලැබීම සතුටක්.  වැඩේ හමාරවී අන්තර්ජාලයටත් නිකුත්කර... සිදුකල කාර්යය දෙස නැවත හැරි බැලීමෙන් දැන් ලැබෙන නිරාමිස සුවය ප්‍රමාණ කල නොහැකියි.

වැඩි විස්තර ඕනේ නැහැ. කලින් වගේම කියන්න ඕනේ. මේකේ තියෙන ඔක්කොම අඩුපාඩු , උච්චාරණ වරදවල් , පසුබිම් ඝෝෂා මගේ වරදින් වෙච්චි දෙයක් මිස පොතේ වරදක් නෙවෙයි. දෝෂ සහිත තැන් , වැඩිදියුණු විය යුතු තැන් පෙන්වා දුන්නොත් බොහෝ පින්.

මෙහි පුණ්‍ය අනුමෝදනාව මටත් අනුමෝදන් වූ  සැමටත් එක ලෙසින්ම වේවා. සසර සැරිසරනා  තුරු  අඩු පිනැතිව අඳ , ගොළු,  බිහිරි, කොරව ,පිළුව අඩු පාඩු ඇතිව උපනත් කිසිකලක සත්ධර්ම සේවනයෙන් නම් දිවියට අඩුවක් නොවේවා !

සැමට  තෙරුවන් සරණයි.



Usual specifics
Title: Chattaleesakara Maha Vipassana Bhawanava
Author: Venerable Rerukane Chandavimala Thero
Genre: Dhamma AudioBook
Language: Sinhala/Pali
Read and Uploaded By: Tiraj Adikari

Download/playback Information: To download individual files right click and select save as from the menu. To download the whole list of files choose VBR ZIP from the left hand Play / Download options menu. To listen on-line, select the file and click on play icon in the audio player located in the top right hand corner. 


Download Link : PDF Book , Audio Book

7 comments:

  1. Lankawen eth unama..edatath wada me dewal watinawa...pin sidda wenna one...

    ReplyDelete
  2. ඔබට බොහොම පින්. උතුම් නිර්වාණය අවබෝධ වේවා

    ReplyDelete
  3. මමත් මේක download කරලා බොහෝ කල් නමුත් නොදැන හිටියේ කවුද මේ උතුම් කාර්‍ය කරපු කෙනා කියලා අදයි දැන ගත්තේ මේ ඔබතුමා කියලා බොහොම පින් මම fb එකේ ඔබතුමාලා විසින් සකස් කල ධර්ම දානය බෙදා හරිනවා .

    මේ page එක එහිදී මා පල කල යුතු යයි සිතනවා.link එක එහි පලකරන්නම් අනෙක් අයගේ දැන ගැනීම පිනිස

    ReplyDelete
  4. ��������������������������������������

    ReplyDelete