Saturday, December 21, 2013

Ape like behaviour of Srilankans in Western and Thai Temples....

අපේ ශ්‍රී ලංකාන්ස් සිංහළ අයියලා  , අක්කලා , ඇන්ටිලා , අංකල්ලා ගේ  වැඩ කිඩ ගැන වෙන ජාතියක   කෙනෙක් ලියපු පොස්ට් තරං දිග කොමෙන්ට් එක මම මෙතන පොස්ට් එකක් විදියටම දාන්න හිතුව එකෙක් වත් බලල හැදෙන්නේ නැතැයි  කියල.   

ලැජ්ජයි හලෝ රටකට යන්න වීස ගන්න බැහැ  අපරාද කාරයෝ වගේ සලකන්නේ  ලංකාවේ උංට...  වෙන රටවලට ගිහිල්ල දාන තුට්ටු දෙකේ ජිල්මාට් හින්ද.   ලංකාවේ ගොඩක් උංගේ වැඩ දැක්කම  පිට රටවල උං හිතන්නේ  මුං වානරයන්ට ළඟ නෑකමක් තියන නොදියුණු වඳුරෝ කොටසක් විදියට. වසර දෙදහස් පන්සීයක  ශිෂ්ටාචාරේ. ඔලුගෙඩිය ... 

පන්සලකට යන්නවත් දන්නේ නැති ගිහිල්ල යන යන තැන වඳුරෝ වගේ කාබාසිනියා කරලා දාල කිච වෙන  උන්ට මොන   ශිෂ්ටාචාරයක්ද අප්පා ....

 මෙන්න කොමෙන්ට් එක :


Yes Ano, I agree with all your observations and have to back up your comments in the face of your criticism, I have been attending the temple at Warburton and working/staying there on occasion since 2006 and have seen the deterioration of its attendees mostly of the Sinhalese groups. In 2006 the % of Sinhalese were about 35% today it is 80%, the rest are Thai and Malaysian Chinese with a smattering of western people mostly married to Asians (like myself). 

It is a popular observation by non Sinhalese of the behavior of these people there that you too have observed. They rock up (usually late from Noble park where they mostly live) with car loads of all the grandparents, uncles and aunties, children and parents from BOTH sides with one small bowl of food for Dana between themselves!! Then they pile up their plates with food donated by others (usually from the regular Thais who turn up like TCE) with NO regard for the long line of people behind them out the kitchen door who are waiting in line. 

They then take all the few cushions, and most disturbingly eat with their hands that repulses my wife and all others. During school holiday periods, hordes of Sinhalese family groups turn up during the week and clean out the food where many people miss out. The bowls of offerings by the rostered dana attendees have been scraped clean. 

Their children are wild and misbehaving requiring the monks to police them and instruct them to go back to the kitchen where their parents are for safety.. The Sinhalese rarely bring offerings of money (That we require for repair of equipment and machinery, and for building projects) or requisites for daily hygiene, and then are the FIRST to leave the temple to go home and dont stay to help clean up.

This is all known by the Sangha and the Committee. I have spoken directly to a few Sinhalese that i have known for a while and echoed these sentiments to them to spread the word amongst the community that everyone else is watching them and is mindful of their behavior and actions. 

During the working bees the Sinhalese comprise 5% of the workers and these are the regular single guys and few women who turn up and actually WORK.

I believe that it is in the interests of the future survival of this temple that its events and existence is published to attract many more groups (Cambodian, Vietnamese, Chinese, current Mahayana supporters and general public etc) to even out the balance of visitors as many Thais have been spooked and attend other places of worship as a result. 

We had the lowest attendance for any Katina this year compared to other years as Wat Thai in Box Hill had the same Katina on the Sunday. The Thais (who are big donors stayed away in droves) if it wasnt for the kind support from the Thai restaurants who attended and provided free food we would have all starved. It is therefore imperative to attract new people. The Sangha now this but there attitude is a fateful one of , "Oh well, if that is the way it is then that is the way it is". Death by a thousand cuts. 

We now go to Springvale more often where these temples do not welcome any Sinhalese for the reasons I have outlined. The community leaders of the respective Asian temples openly tell the Sinhalese to leave the premises once they first enter as they are only minutes from Noble Park and Dandenong. I heard the Loatian temple in Keysborough has sign in Sinhalese advising them they are not welcome to the temple.

It reminds me of the Crow, they pillage and steal all the other species's resources and then eventually when that is all gone they move on elsewhere. 
I can see now why the Tamils had a hard time with the Sinhalese back home. 

I feel that the Sinhalese community leaders need to be made aware of this and their community briefed on better manners and protocol.

Written By : Vandy , 12/20/2013 
Link to the comment: Here

Saturday, November 2, 2013

Body mass and Intelligence

Here goes one of my crooked theories again. Miss Anatta hate these and says im always generalising. 

Yes indeed im generalising most of my theories but if you know about the poisson distribution curves  in statistical research, you should know that  majority of cases are concentrated in the mid part of the curve and anomalies lies  to the left and right most areas of the curve.

So , when im  building up my social  theories by looking at the people around me, im only interested in the general majority .  I hope this disclaimer is sufficient enough for what im going to  state next.

This is my observed theory in simple terms. For a given individual , 





Thought of adding little bit more to this after few thoughts:

There is one of my other theory for measuring  how social and emotional intelligent a person is.  Even though I dont think social intelligence and normal Intelligence goes hand in hand  , usually people who are social and emotional intelligent tends to be intelligent in other more common aspects too (Measured using IQ)

Other way not normally holds true I believe. 

So what is this equation: 




If I haven't offend anyone enough then have a look at what  the Lord Buddha has to  say about this : :D







Friday, November 1, 2013

DB සහ DC - වට් ද F ? (Part 1)



ලොකු උනාම කවුරු වෙන්නද ආස කිව්වහම අපි නං කිව්වේ හොඳට ඉගෙන ගෙන  දොස්තර කෙනෙක්  , ඉංජිනේරුවෙක් , ගුරුවරයෙක් වෙනවා කියල.  හොඳට ඉගෙන ගත්තම හොඳ රස්සාවක් ෂුවර් නේ. 

ඊට පස්සේ ඉතිං  කරදරයක් නැහැ.   හොඳ කරත්තයක් හොයං බෙල්ලේ බැඳ ගත්ත.  අවුරුදු කීපෙකින් කොලු කෙලි බුරුත්තකුත් ඒකෙ  පටෝ ගත්ත. ණයට  ගෙයකුත් ගත්ත.  ලයිෆ් සෙටල්.  

ඉතින් ගොනෝ ඇදපන් කන්ද කියල  මැරෙනකන් ඇදගෙන යාමක් තමා තියෙන්නේ. හොඳ රස්සාවක් තියෙනවා නම් ඉතින් මැරෙනකම් බයක් නැහැ.  අන්තිමේදී දරුවෝ ඔක්කොම වට කරගෙන වතුර උගුරකුත් ඉල්ලං බීල  දෙයියනේ  කියල පණ යන එක තමා එලම එල.  මේ මගේ දෙමවුපියන් ලෝකය දැකපු විදිහ.  

කලින් පරම්පරාව ජිවත් උනේ කොහොමද ?  පොඩ්ඩක් ඉගෙන ගන්නවා. හොඳ තැනක් හොයාගෙන එතන ට්‍රේනින් යනවා. වැඩ පුරුදු උනාම ඊට පස්සේ පැන්ෂන් යනකම්ම එතන අවුරුදු හතළිහක් වැඩ.  අවුරුදු හතළිහක් එක දිගට අදින්න  ස්ථාවර භාවයක් තියෙන ආණ්ඩුවේ තැනක්  හරි ස්ථාවර කොම්පැනියක් හරි තමයි  හොඳ තැනක් විදියට සැලකුවේ.   ඉස්සර ගෑනු දුන්නෙත් නැහැනේ පෙන්ෂන් එක නැති මිනිහෙක්ට. පේනවා නේද පෙන්ෂන් එකේ බලේ!!   කිසි බරක් නැහැ ඊට පස්සේ. මොනවා හරි කිච වැඩක් කරලා ඉන්ටඩික් නොවුනෝතින්  , මැරෙනකම් මාස් පතා  පැන්ෂන් එක අතට.  ගේ දොර ළමයි හොරෙන් ලියා ගත්තත් , මොනවා නැති උනත් මේ මාස් පතා ලැබෙන පැන්ෂන් එක ඒ පරම්පරාවේ අයට  ලොකු හයියක්.  

මොනවා නැතත් අපිට පැන්ෂන් එක තියෙනවා. ළමයි සැලකුවේ නැතත් අපිට ගෙවන  මහලු  නිවාසෙකට  හරි ගිහිල්ල කරදරයක්  නැතුව ඉන්න පුළුවන් කියල තමා ඒ අය  කියන්නේ.  

නමුත්, මේ සල්ලි අමාරු කාලේ දරුවොත් කැමති ඒ වගේ පැන්ෂන් ගිය  ලොකු මුදලක් මාස් පතා ලැබෙන දෙමාපියන්   ගෙදරම තියාගෙන සලකන්නම තමා. ඒ අයට  ලැබෙන පැන්ෂන් එක පිට යන්නේ නැහැ නේ. ළුණු බිකත් බඩටම   කිව්වලු.!   

මේ කියන්නේ බයිලා. මට කියන්න ඕන උනේ මේ මාස් පතා ලැබෙන පැන්ෂන් එක අයිති වෙන්නේ  DB  (Defined benefit pension plan )  කියන කොටසට බව කියන්න. 

පරණ පරම්පරාව අත්  විඳින මේ පහසුකම  මගේ පරම්පරාවේ අයට නැහැ.   අපිට තියෙන්නේ DC  ඒ කියන්නේ  defined contribution retirement plan කියන එක. නමුත් කරුමෙට  අපි තාමත් හිතන්න පුරුදු වෙලා ඉන්නේ DB  තියෙන විදියටම තමා.  

ඉතිං මොකද කියල නොදන්නා කෙනෙක් අහන්න පුළුවන්.  මේ දෙකේ වැඩි වෙනසක් තියෙනවද ? 

තියෙනවා දෙයියනේ. මේ දෙක අහස පොලව වගේ වෙනස්.  කොටින්ම දෙමවුපියෝ පොඩි කාලේ අපිට කියල දුන්න  ජීවිතය ගෙවන විදිය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා මැරෙන කාලේ යහමින් මුදල් ඇතිව කාටවත් අත නොපා ස්වාධීනව ජිවත් වෙන්න ඕනේ නම්.

අපිට ඕව ගැන එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. දෙයියන්ගේ පිහිටෙන් හොඳ  දරුවෝ  කීප දෙනෙක් හදා ගත්ත. උන්ට හොඳට උගන්වනවා. අපට බැරි කාලෙක උං අපිව බලා ගනියි.

බලාගනිවී මේං කියල !
දෙමවුපියන් අතේ  විශ්‍රාම ගියාට පස්සෙත් යහමින් මුදල් තියේ නම්  ඔක්කොම දරුවෝ එයි අනේ අම්මේ ! අනේ තාත්තේ!  කියාගෙන.  පෙරලි පෙරල වඳිවී පුකවල් උඩ දාගෙන.

මුදල් නැත්නම් ?  එහෙනම් ඉතින් තත්වය සෝචනීයයි. පැත්ත පළාතේ එන එකක් නැහැ. 

තමන්ට ලැබෙන සේවක අර්ථ සාධකේ දෝනිගේ වෙඩිම ජයටම අරං මෝඩ කමට නැති නාස්ති කරපු අම්මෙක් , තාත්තෙක් ඊට පස්සේ යන්න එන්න තැනක් නැතිව , අතේ පිච්චිය නැතිව  ඇවිල්ල දරුවෝ ගාව වැටුනම  අහන්න ලැබෙන්නේ මෙව්වා,
  • මොන කරුමයක් ද මන්දා ! අපි කියල විතරද ළමයි ඉන්නේ. නරකද ලොකු පුතාගේ ගෙදරත් ගිහිල්ල හිටියොත්  අපිටම වද දෙන්නේ නැතුව. 
  • අම්ම මොකටද මේ හැමදාම පන්සලට දෙන්න සල්ලි ඉල්ලන්නේ. සල්ලි ඕනෙද පිං  කරන්න!.  අපි සල්ලි ගස් වලින් කඩනවා කියල හිතුවද. ? මේ ළමයින්ගේ පන්ති වලටම කොච්චර වියදමක් යනවද !!!
  • ආ ! අයෙත්  හන්දි රිදෙන්න ඇල්ලුවද ?  ඕවට ඔච්චරවත් වියදං කරන්න අපිට කාසි නැහැ. ඔය හන්දි  තෙල් ටිකක්  වත් ගාගෙන බලන්න. 
  • අනේ ජයේ , ඔයාගේ මේ නාකි මල හෝන්තුව  බලා ගැනිල්ල  නං මට දැං  ඇති වෙලා.  මැරිලා වත් යන්නේ නැහැ නේ මුං!

ඔන්න ඔහොමයි ඇත්ත තත්වේ.  ආයිත් ට්‍රැක් පැන්න නේද . මට කියන්න ඕන උනේ  බැරි අමාරු කාලෙක ස්ථිර ආදායම් මාර්ගයක් තියෙන එකේ වැදගත්කම. 

DB ක්‍රමය යටතේ ගෙවන පැන්ෂන් එක ස්ථිර ආදායම් මාර්ගයක් වෙන නමුත් DC  ක්‍රමය යටතට වැටෙන super annuation ,  401K  , සේවක අර්ථසාධක අරමුදල් ආදිය ස්ථිර ආදායම් මාර්ගයක් නෙමේ.  සේවක අර්ථසාධක අරමුදල ගැන මම වැඩි දෙයක් දන්නේ නැහැ. ඒක  හින්ද දන්නා දේ  වෙන  super annuation එක ගැන විතරක් කතා කරන්නම්.

Sunday, September 15, 2013

ලංකාව සහ චීනය - වර්තමානය සහ අනාගතය

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ චීන නාම පුවරු කියල 33000 හේ  දාපු ලිපියේ තියෙන කොමෙන්ටු ටික දැක්කම පොඩ්ඩක් ලියන්න හිතුන කාලෙකට පස්සේ.  
Sri Lankan fire dancers perform outside the Lotus Pond,
 a new performing arts  theatre in Colombo.
The 3.08 billion rupee  (USD 27 million) theatre,
  was built with aid from China. (AFP)

ලංකාව තුල චීනය මගින් කරන මෙහෙයුම් කටයුතු දැන් බොහෝ දුරට වැඩි වී ඇත. මෙය පුදුමයට කරුණක් නොවේ. වසර ගනනාවක සිට  ම අප විසින් බලාපොරොත්තු ව සිටිය යුතුව තිබුණු  දෙයකි. පශ්චාත්  යුධ  සමයේදී මෙම චීන බලපෑම ලංකාව තුල බහුලව  දක්නට ලැබුනත්  , පැසිෆික් කලාපය සහ අප්‍රිකාව  තුල චීනය තම මෙහෙයුම් ආරම්භ  කලේ බොහෝ කාලයකට  පෙර සිටමය. එහෙයින්     අනාගතයේදීද ලංකාව තුල සිදුවන චීන ආයෝජන , විදේශ ණය දීම ආදිය වැඩි වීම අනිවාර්යයෙන්ම අපේක්ෂා කල යුතුව ඇත.  

මහින්ද රාජපක්ෂ රජය විසින් චීන රජයේ  මෙම උනන්දුව  හරියන්නට හෝ වරදින්නට හෝ හොඳින් ග්‍රහණය කරගත් බව  මට පෙනී ගිය දෙයකි.  කෙසේ වුවත්  අනාගත සුපිරි බලවතුන් වන ඉන්දියාව සහ චීනය සමබරව තබා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රික අතුරේ යාමක් ලංකා රාජ්‍යය විසින් ඉදිරි දශක කීපය තුල සිදු  කල යුතුව ඇත. මෙය චීනයේ  මෙහෙයුම් කටයුතු සිදුවන රටවල් අතරින් ලංකාවට පමණක් විශේෂිත වූ   තත්වයකි.  

ලංකාව තුල මෙන්ම චීනය පෙරදිග , පැසිෆික් කලාපයේ   සහ අප්‍රිකානු මහාද්වීපයේ   තවත් බොහෝ රටවල් අතරත් ඉතාමත් තදබල ආකාරයෙන්  තම ආයෝජන ව්‍යාප්ත කරමින් පවති.  මේවා මුලික වශයෙන් සහනාධාර සහ ආයෝජන ලෙස වෙන් කල හැකිය. 

මුලින්ම සහනාධාර සහ මුල්‍ය උදව් දීම මගින් හොඳ හිත වර්ධනයත් දෙවනුව ණය සහ ආර්ථික ආයෝජන පුළුල් කිරීමත් සිදු කරනු ලබයි.   වසර කීපයකට පෙර ඇමරිකා එක්සත්ජනපදය  මුලික වූ  ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ප්‍රධාන  වශයෙන් තුන්වල ලෝකයේ රටවලට යටිතල පහසුකම් නැංවීම සඳහා ණය  මුදල් සැපයුවත් දැන් චීනය එම ලෝක අරමුදල් පරදවා  බොහෝ පෙරමුණුවලදී ජාත්‍යන්තර ණය දීමේ පෙරමුණට පැමිණ ඇත. 

මෙයට ප්‍රධාන හේතු හතරකි  . 
1.  ඇමරිකාව , ජපානය ප්‍රමුඛ විශාල වශයෙන් ජාත්‍යන්තරව ආධාර ලබාදෙන රටවල පසුගිය වසර කීපයේ සිදුවූ ආර්ථික පසුබැස්ම.  

ජපානයේ පසුගිය දශක 2ක පමණ කාලයක් මුළුල්ලේ සිදු වූ ආර්ථික පසුබැස්ම මෙන්ම  ඇමරිකාව පසුගිය දශකයක පමණ කාලයේ සිට නොනවත්වා කරන අන්තර්ජාතික තලයේ යුද්ධයන් නිසා , දියුණුවන රටවලට මෙම රටවලින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  හරහා ලබා දුන් ආධාර බොහෝ ලෙස අවම වී ඇත.

2. චීනයේ සිදුවන බලවත් ආර්ථික ප්‍රසාරණය  සහ විශාල  වශයෙන් සිදුවන අපනයන   හේතුවෙන් අතිවිශාල විදේශ මුදල් සංචිතයක් (trade  surplus ) එරටට හිමි වී ඇත.  ඩොලර් ට්‍රිලියන ගණක මෙම විදෙස් මුදල් සංචිතයන් එරට රාජ්‍ය බැංකු විසින් විවිධ රටවල ආයෝජනය කිරීම සිදු කරනු ලබයි.  එසේ නොමැතිව එම සන්චිතයනට  කරන්නට දෙයක් චීනයට නොමැත.

  3.  ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  රටකට ණය ආධාර ලබා දීමේදී විවිධාකාර කොන්දේසි පැනවීම් සිදුකරනු ලබයි. එම ණය  ලබාගන්නා  රටවලට එම මුල්‍ය අරමුදල් මගින් පනවන  යහ පාලනය ,  නාස්තියෙන් සහ දුෂණයෙන් තොර විනිවිද භාවය , ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කිරීම  , මාධ්‍ය  සහ මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ආදී මෙකි නොකී  විවිධාකාරයේ කොන්දේසි වලට යටත්ව එම අරමුදල් පරිහරණය කිරීමට සිදු වේ.    නමුත් චීනය මේ කිසිදු කොන්දේසියක් පැනවීමකින් තොරව ණය ආධාර ලබාදීම සිදුකරයි. එමනිසා දුෂිත ආණ්ඩු මගින් පාලනය වන තුන්වන ලෝකයේ බොහෝ රටවල් දැන් චීනයෙන් අවම කොනේදේසි  යටතේ ණය  ගැනීමට ප්‍රිය කරති.
   
 4. චීනයේ යුදමය සහ ආර්ථික බලය  ජාත්‍යන්තර තලයේ ව්‍යාප්ත කිරීම.
 ණය  දීමෙන් ලෝක බලවතෙක් වන්නේ කෙසේ දැයි කෙනෙකුට ප්‍රශ්නයක් පැනනැගිය හැක.  නමුත් එය ඉතා සරල දෙයකි. 

ප්‍රථමයෙන් ණය  ආධාර ලබා දීම මගින්  රටක ආර්ථිකයේ විශේෂ ස්ථාන තම පාලනය යටතට ගැනීමට චීනයට හැකි වේ. උදාහරණයක් ලෙස චීන ණය  මගින් ගොඩ නැගු  මත්තල ගුවන් තොටුපොල , හම්බන්තොට වරාය ,  විවිධ අදිවේගී මාර්ගයන් සහ තවත් විවිධ අනාගත ආයෝජනයන්  එම ණය  මුදල් ගෙවා නිම වෙන තෙක් රටක් ග්‍රහණයේ තබාගැනීමට අවශ්‍ය තුරුම්පු බවට පත් වේ. 

 දැනටත් චීනයේ ණය  ආධාර ලබාගත් ආසියානු  සහ පැසිෆික් කලාපයේ ඇතැම් කුඩා රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී  චීනයේ අභිමතය පරිදි ස්වකිය චන්දය භාවිතාකිරීම සිදුකරනු ලබයි.  

අති විශාල චීන ආයෝජන සහ මෙහෙයුම් පවතින රටකට යුධමය  අවස්ථාවකදී  එම යුද මෙහෙයුම් සඳහා චීන සහ ඔවුන්ගේ මිත්‍ර හමුදා සඳහා  අනිවාර්යයෙන් පහසුකම් සැපයීමේ වගකීම පැමිණේ.  මෙය කර ඇරිය නොහැකි වගකීමකි 

ලෝකයේ සම්පත් පාලනය කරන්නා ලෝකය පාලනය කරතියි යන්න දැන්  දශක ගණනාවක් පැරණි මුලික අදහසකි.  ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සමුහාණ්ඩුව මගින් දශක ගණනාවක් තිස්සේ ක්‍රියාවට නැංවූ මෙම නුතන අධිරාජ්‍ය වාදී  ආර්ථික පිළිවෙත චීනය විසින් ඉදිරියට ගෙනයාම ඉදිරි දශක කීපයේදී අප හට දැකගත හැකි වනු ඇත.  මෙහිදී චීනයේ මුලික  ඉලක්කය වනු ඇත්තේ ඛනිජ සම්පත් බහුල  අප්‍රිකානු මහාද්වීපය  ,  තෙල් සහ ස්වභාවික  වායුන් ගෙන් පොහොසත් මැලේසියානු සහ ඉන්දුනීසියානු  රටවල් සහ  අප්‍රිකානු මහාද්වීපය සහ චීනය අතර  පිහිටි උපායමාර්ගික වැදගත්කමකින් යුත් ලංකාවයි 

කෙසේ වුවත් ඉදිරි දශක කීපයේදී අන්තර්ජාතික තලයේ වෙළඳාම්  කරනා  ටයි කෝට් දැමු සුද්දන්   , ෂර්ට් කලිසම් හැඳි  චීන බස කතා කරනා චිනුන්  මගින් ආදේශ වෙන බව  මතක් කල දිය යුතුව ඇත. කලිනුත් සඳහන් කල පරිදි  තම දරුවන්ට ප්‍රංශ  , ජර්මන් වෙනුවට කලින්ම මැන්ඩරින් උගන්වා ඔවුන්  future  ready කර තැබිම කෝකටත් හොඳය. 

නිකං ඉන්න ගමං ගාය  වැඩි කමට ලිව්වේ.   තාක්ෂණික වැරදි ඇත්නම් කරුණාවෙන් පෙන්වා දෙත්වා.

Further Reading: 

Sunday, July 21, 2013

Black Hole Jokes

How does two black holes greet each other ?
With a gravitational wave ...

Why did the Black Hole burp after consuming Jupiter?
Too much gas!

How many black holes does it take to change a light bulb?
none. there is no light around black holes.

If a BlackHole got married , can it still be call a singularity ?

How many black holes can fit on the head of a pin?
All of them.

How do you flatter a BlackHole?
Tell it that it sucks.

Teacher to black hole: I’ve never had a student as dense as you are.
Black hole: Thank you, Sensei.

What do you say to a black hole to make it feel self-conscious?
“Oh, I think I saw a little flash of light there.”

Black hole siblings in the back seat on a long car ride:
“Mom, Bobby’s touching my event horizon.”
“Am not! (whispers to his sister:) You suck like a girl.”
“MOM!”
“You two shut up back there before I go supernova again.”

What’s the difference between the Federal Deficit and a Black Hole?
The event horizon.

"Black holes are where God divided by zero."
Stephen Wright

“Curiosity killed the white dwarf”



Sunday, June 23, 2013

Japanese Drama-Oshin-おしん-(English Subtitles Download)



Yes, you read it correct folks. The long awaited English subtitles for the drama Oshin are in making by Keiko1981 and her team  @D-Addicts

For people who doesn't know (can there be anyone possibly out there?) Oshin (おしん) is a Japanese serialized morning television drama, which aired on broadcaster NHK from April 4, 1983 to March 31, 1984 and also aired in 59 countries to this date, with subtitles ranging from English, Hindi to Arabic.
  
The series follows the life of Shin Tanokura (田倉 しん) during the Meiji period up to the early 1980s. Shin was called "Oshin". In total, 297 15-minute episodes aired.  To this date, Oshin holds the record for the highest average rating in Japanese television history (52.6%). It also holds the record for the highest rating of a single episode (62.9%). Only the annual Kohaku Uta-Gassen, and specific special events have scored higher ratings.

To watch the whole series dubbed in Sinhala please follow this link.

English Subs Download Link: Here

Sunday, June 2, 2013

Korean Drama - Rooftop Prince - 옥탑방 왕세자 - (OST Download)

© 2012 wallpaperose.com
At the moment in the middle of watching the 15th episode of this drama. 5 more to go. So far its awesome to say the least. It managed to retain my attention episode after episode till now. My eyes are swollen after watching 10 consecutive episodes one after the other since yesterday. Thats about 10 hours of TV watching. But what the heck!. Im having fun.

I usually stay away from watching imperial period dramas such as Dae Jang Geum because they are really boring for my taste buds. For anyone who doesn't know, its the drama where actress Lee Young Ae staring as famous (infamous in Srilanka) Changumi. But an imperial drama with time travel , a murder mystery , love polygons , cry times , happy times and the best of all ... an always privileged bitch who makes you feel like standing up from the couch and give punch in her face .. You got that all checked. It has all. ? Well in that case how can I say NO! to this drama?.

Little background info:

Rooftop Prince (Hangul: 옥탑방 왕세자; RR: Oktab-bang Wangseja) is a 2012 South Korean fantasy romantic comedy television drama, starring Park Yuchun, Han Ji-min, Jeong Yu-mi,Lee Tae-sung, Lee Min-ho, Jung Suk-won and Choi Woo-shik. It is about a Joseon crown prince who, after his wife dies mysteriously, time travels to the future where he encounters familiar faces, modern-day devices, and corporate intrigue. It aired on Seoul Broadcasting System (SBS) from March 21 to May 24, 2012 on Wednesdays and Thursdays at 21:55 for 20 episodes.
(Wikipedia , 2012 )

Awards Received:
©2013 deviantART
2012 koreandrama.org‘s Awards : The Best Korean Drama of 2012
2012 SBS Drama Awards: Top Excellence Actress Awards (Drama Special), Han Ji Min (Rooftop Prince)
2012 SBS Drama Awards: Excellence Actor Awards (Drama Special), Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Excellence Actress Awards (Drama Special), Jung Yoo Mi (Rooftop Prince)
2012 SBS Drama Awards: Viewer Popularity Actor Awards, Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Best Couple Awards, Park Yoo Chun & Han Ji Min (Rooftop Prince)
2012 SBS Drama Awards: Top 10 Stars Awards, Park Yoo Chun (Rooftop Prince)
2012 SBS Drama Awards: Top 10 Stars Awards, Han Ji Min (Rooftop Prince)
2012 1st German Remarkable Korean Awards: Best Korean Drama
2012 1st German Remarkable Korean Awards: Best Actor (Park Yuchun)
2012 1st K-Drama Star Awards: Excellence Award, Actress (Han Ji-min)
2012 5th Korea Drama Awards: Best Actress Award (Han Ji Min)
2012 7th Seoul International Drama Awards: Excellent Korean Drama
2012 7th Seoul International Drama Awards: People’s Choice Award (Korea) (Park Yoochun)
2012 7th Seoul International Drama Awards: Outstanding Korean Actor (Park Yoochun)
2012 7th Seoul International Drama Awards: Outstanding Korean Actress (Han Ji Min)
2012 Mnet 20′s Choice Awards: 20′s Drama Star (Female) (Han Ji Min)

(Korean Drama Org , 2012)

Here is a link if you want to download the OSTs for this drama. For anyone interested , I should say that I didn't like them. Not too bad. but not too good either. Still, dont take my words. Have a go and see.

By the way this is not the full set. Full set of OSTs came in 4 CDs and were complete with many instrumental tracks. Purchase them if you like the music. Its the right thing to do.

Saturday, June 1, 2013

Let go to get more


ටිරාජ් , ඇයි ඔය අඟල් 17 මොනිටර් දෙකක් ගහගෙන ඉන්නේ.මම ලොකු අඟල් 24 මොනිටර් දෙකක් ඔර්ඩර් කරන්නද ඔයාට ?

බොසී ගේ මුහුණ බැලූ මම හිස දෙපසට වැනුවෙමි ... ඒ එපා කීම බව ඇය දැන් දනී.

එහෙනම් ඔය පරණ ලැප්ටොප් එක වෙනුවට අලුත්. එකක් අරං දෙන්නද ?
මා පාවිච්චි කරන්නේ පරණ ඩෙල් 6400 කාණ්ඩයේ එකකි. අලුත් මාදිලිය ඩෙල්  6230 යි.SSD එකක් සමග ගත හැකි එය එය දැනට ඇති හොඳම හොඳ වර්ගයේ එකකි.

මම නැවතත් හිස දෙපසට වනා මඳ හසක් පෑවෙමි.
ඉට්ස් ඔකේ. මේ පාවිච්චි කරන එක දැනට හොඳයි. මේක කැඩුනොත් එකක් ගමු.

ඔයාට මැක් එකක් තියෙනවද ?
ඔව් . මම මේ කන්ඩෙම් කරලා දාල විසිකරලා තිබ්බ මැක් ප්‍රෝ එක පාවිච්චි කරනවා.
අපෝ ඕක විසි කරලා දාන්න. එහෙනම් මම ඔයාට අලුත් මැක් ප්‍රෝ ලැප්ටොප් එකක් ඔර්ඩර් කරන්නද ?

එපා බොසී. මේක තාම හොඳට වැඩ ... මේ බලන්න ...
ලිඩය හැර ඇයට පෙන්වූයෙමි.
ඒක හින්ද දැනට මේක හොඳයි.

මේ මාස කීපයකට පෙර සිදුවුවකි. මෙවැනි දේ මාසයකට වරක් පමණ සිදු වේ. ගිය සතියේ ඇය නැවත පැමිණ මා අසලින් හිඳ ගත්තාය.

මොකද්ද ඔයා පාවිච්චි කරන ෆෝන් එක. මා මගේ පෞද්ගලික අයි ෆොන් 4S එක ඇයට පෑවෙමි.
ආ ඕක ඔයාගේ ප්‍රයිවෙට් එකනේ. ඉන්න මම ඔයාට අලුත් අයි ෆෝන් 5 එකක් අරන් දෙන්නම්. වැඩ කරන කොට ඊ-මේල් එහෙම බලන්න ඕන වෙනවා නේ ..
මොකටද කැමති ? අයි ෆෝන් 5 ටද සැම්සුන්ග් අලුත් එකටද ?

ඩෝන්ට් වොරි. මම සැම්සුන්ග් වලට නම් වැඩිය කැමැත්තක් නැහැ. මට වැඩට පාවිච්චි කරන්න දැනට දීල තියෙන නොකිය එක හොඳයි. (මෙය තියෙන ලාබම වර්ගයේ නොකියා ෆෝනයකි. කැඩී ඇති පිටුපස කවරය එහි නිසි තැන රඳවා ඇත්තේ සෙලෝ ටේප් වලිනි ) .

කිහිප අවස්තාවක විවිධ දේ දීමට හැදුවත් මගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වූ පරිදි නොවූ හෙයින් කෙමෙන් ඇය විස්මයට සහ යම් පමණකට අසහනයකට පත්වුවා විය හැකිය. මම කොහොමද ඔයාව බලාගන්නේ , දෙන්න හදන හැම එකම එපා කියනවනේ යි ආඩපාලි යක් විසුලුවෙන් මෙන් කියමින් ඇය නික්ම කියාය.

මා මහා මෝඩයෙකු ලෙස මෙය කියවන්නෙකුට ද හැඟී යා හැකිය.

අලුත්ම අලුත් ලැප්ටොප් , ෆෝන් , ස්ක්‍රීන් ලඟට පැමිණ නිකන් ම ඉල්ලන්නෙත් නැතිව බලෙන් මෙන් දීමට යනකොටත් එපා කියන මෝඩයෙක් මෙලොව නම් සිටීමට නොහැක.

වැඩ කරන තැන අනිකුන් නම් ඇයගෙන් මෙවැනි දේ ඉල්ලා නාහෙන් අඬති. ලොකු මොනිටර්ලබාගැනීමට විවිධ , නානාප්‍රකාර හේතු හද හදා ඉදිරිපත් කරති. අලුත් අයි ෆෝනයක් , ලැප්ටොප් එකක් දුන් විට සතුටින් ඉපිලෙති. ඒත් මම ?
බලෙන් දෙන්න හදත්දිත් එපා කියයි.

පොඩි කතාවක් තියෙනවා

පෙර ( මාගම විය යුතුයි. හරියට තැන මතක නැත ) තෙරුන් වහන්සේ නමක් ස්වකිය ගමේ වස් විසීය. මේ තෙරුන් වහන්සේ පැවිදි වීමට පෙර කැවුම් වැළඳීමට මහත් අභි රුචියක් දැක්වූවෙකි. එගම වසන උන්වහන්සේගේ මව , ස්වකිය පුත්‍රයා වස් විසු බව දැන පසුදින පිණ්ඩපාතය සඳහා විශාල කැවුම් පැසක් පිළියෙළ කලාය . පසුදින පිණ්ඩපාතයට තම පුත්‍රයා වඩිනා විට පිළියෙළ කල කැවුම් සියල්ල රැගෙන ඔහු ඉදිරියට ගිය ඇය මෙසේ සිතුවාය.

දැන් මෙහි පිඬු පිණිස වඩින්නේ මාගේ පුත්‍රයා නොව තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළි ගැනීමේ තරම දනිත් නම් මේ වස්කාලය පුරාවටම උන්වහන්සේට මම දිනපතා කැවුම් සාදා පුජා කරමි. නොදනිත් නම් මේ කැවුම් පුජාව මෙතෙකින් කෙළවර වන්නේය.

පිඬු පිණිස වැඩ පාත්‍රය විවුර්ත කල කල්හි මව තම පැස හැර එහි කැවුම් දැමීමට පටන් ගත්තාය. දායකයා දෙන තරමක් නොගෙන , තම පමණට , යැපීමට තරම් ආහාර ලැබුණු කල්හි පාත්‍රය වසා දායකයා වැළැක්වීම සාමාන්‍ය සිරිතයි. එමගින් දායකයාගේ යැපීම පිණිසද යම් ආහාර ප්‍රමාණයක් ඉතිරි වේ. කැවුමට ලොබ බැදි තෙරුන් කැවුම් සියල්ලම එපා නොකියා පිළිගෙන විහාරයට වැඩියේය. තම පුත්‍රයා ගැනීමෙහි තරම , සීමාව නොදත් බව වටහා ගත් මවගේ කැවුම් පිසීම එතකින් කෙළවර විය. තම තෘෂ්ණාව නිසා දිනපතා ලැබීමට තිබු ප්‍රනීත ආහාරය ද භික්ෂුවට අහිමිව ගියේය.

මෙයින් ගැනීමට ඇති ආදර්ශය නම් , දෙන දෙන තරමක් පිලි ගන්නා , කොතෙක් දුන්නත් ඇතියි නොකියන්නා වූ තෘෂ්ණා භරිත තැනැත්තා ස්වකිය දෙමාපියන්ට වුවද අප්‍රිය වන බවයි.

මෙයට සමාන දෙයක් මටද සිදුවී ඇත. වැඩකරන ස්ථානයට මා සාමාන්‍යයෙන් චොකලට් ටොෆි හෝ අන්කිසි රස කෑමක් ගෙන යන්නෙමි. සියලු සත්වයෝ රසයට කැමැත්තෝය. රසවත් දෙය දෙන්නා රසවත් දෙයක් ම ලබයි යනු බුද්ධ වචන වන්නේය. සාමාන්‍යයෙන් එක පැකට් එකක ටොපි 20ක් පමණ ඇති නිසා එය සාමාන්‍යයෙන් නම් දින කීපයකට සෑහේ. පැකට් එක කඩා බඳුනක තබා මේසය මත තැබූ විට මා පමණක් නොව ඔපිස් කාමරයට යන එන කවුරුත් එයින් එකක් රැගෙන කකා යති.

එකල මා සමග වැඩ කල මනුෂයෙක් විය. ටොපි බඳුන මේසය මත තැබූ විට එහි එන ඔහු එකක් ඉවර වෙන විට එකක් වශයෙන් ගෙන පැය කීපයකින් බඳුන හිස් කරයි. බොහෝ විට පැකට් එකම කන්නේ ඔහු පමණකි. සැම දිනම ටොපි කන ඔහු කිසි දිනයක තමන් කිසිවක් රැගෙන විත් අන් අය සමග බෙදාගෙන කන්නෙක් නම් නොවීය. දින කීපයක් මෙය සිදු වූ පසු මා එක දිනක් පරීක්ෂණයක් කිරීමට සිතා ගත්තෙමි. ටොපි බෑග් 4ක් (ටොපි 80 පමණ ) ගත් මා එදින බඳුන අවසන් වෙන වාරයක් පාසා එය පිරවුයේ ඔහුගේ ගැනීමේ තරම පිරික්සා බැලීමටය. දිනය හමාර වන විට ඔහු බෑග් 4ම කා හමාරය. ගැනීමෙහි තරම් නොදත් ඔහු නිසා මාගේ ඔපිසියට චොකලට් රැගෙන යාම එතෙකින් සමාප්ත විය.

ගැනීමෙහි තරම නොදත් කපුටෙකු මෙන් ගසා කන්නාවූ තැනැත්තේ සියල්ලන්ටම අප්‍රිය වන්නේය.

මෙහි විරුද්ධ පැත්තක් ද ඇත. එය එක්තරා ධර්ම ස්වභාවයකි. ගුප්ත මනුෂ්‍ය ස්වභාවයකි. එනම්කිසිවක් නොපිළිගන්නා වූ , කිසිවක් නොඉල්ලන , කිසිවකට තෘෂ්ණාවක් නැති අයෙකු හට මනුෂ්‍යයන් යමක් දීමට ඇති කැමැත්තයි. අනේ මේක ගන්න. මට අනුකම්පා කරලා මගෙන් මේක අරගන්න කියමින් වදෙන් පොරෙන් , බලෙන් මෙන් කිසිවක් නොඉල්ලන තැනැත්තා වෙත යමක් දීමට මනුෂ්‍යයෝ පොරකති.

මා සමාජය සහ මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කොට වටහා ගෙන ඇති යමක් ඇත්තේය. කෙටියෙන් පවසතොත් එය මෙසේ වේ. Let go, to get more.

මෙහි තේරුම කුමක්ද ? අතහරින්න. එවිට වැඩියෙන් ලැබේවි. එනම් තමන්ට අවශ්‍යම යමක් වේද ? එය අත හරින්න. එවිට එය දසගුන , සිය ගුණ වී තමන් ළඟටම නිරායාසයෙන් ම පැමිණේවි.

මිනිසුන් නොකරන්නේත් මෙයමය. මක්නිසාද යත් එය සාමාන්‍ය තර්ක බුද්ධියට පටහැනිව යන බැවිනි. සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ "අඬන්න ඕන කිරි එරෙන්න" යන්නයි. එනම් හැකි කුමන ක්‍රමයකින් හෝ ලබාගැනීමේ ක්‍රම වේදයයි. රළු , ඔල මොළ යම් පමණකට සැහැසි ක්‍රමයක් වන මෙය ඉක්මන්ය. නමුත් ඒ ලැබෙන දෙයත් සමග තමන්ගෙන් නික්ම යන්නේ ආත්ම ගරුත්වයයි. අනිකෙකු තමන් වෙත දක්වන ගෞරවයයි.

මෙයට ප්‍රතිවිරුද්ධ වූ සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙන් සියල්ල ලැබීම ඉතා සියුම් , කර්මයට අනුකුල වූ ධර්මතාවයකි. එය ඉක්මන් ක්‍රමයක් නොවේ. නමුත් එවිට මිනිසුන් ඔබ වෙත ඔබට අවශ්‍ය කරන සියල්ල ලබාදෙන්නේ ඉතාමත් කැමැත්තෙනි. ගෞරවයෙනි. බොහෝ වාර වල එහි ප්‍රත්‍යක්ෂ තාවය අත් දැක ඇත්තෙමි. වැඳලා ලඟට ගෞරවයෙන් ගෙනත් දෙන දේ බලෙන් අරගෙන චා වෙන්නේ මොකටද ?

මෙය භෞතික දෙයට සිමා වුවක් නොවේ. යමෙකුගෙන් ආදරය අවැසි නම් පෙරලා ඉල්ලීමක් නොමැතිව ආදරය ලබා දෙන්න. ගෞරවය අවැසි නම් එය නොඉල්ලන්න. අභිමානය ඉවත දමන්න. සියල්ලන්ට පාබිස්නක් වන්න. නිහතමානයේ කෙලවරට යන්න. ගෞරවය ඕනෑවටත් වඩා ලැබේවි. ප්‍රසිද්ධිය අවශ්‍ය නම් ප්‍රසිද්දිය ඉවත දමන්න. අප්‍රසිද්ධියේ ජනයාට හිත සුව පිණිස යෙදෙන්න. වෙලාව පැමිණි විට ප්‍රසිද්ධිය නොවරදවාම ලැබේවි.

තව මේ හා සම්බන්ධ සැඟවුණු කරුණු බොහෝ ඇත. කල්පනා කොට බලා අවබෝධ කර ගන්න.

Tuesday, May 28, 2013

සියදිවි නසා ගැනීම


කලින් ලිපිය ප්‍රාණ ඝාතය සහ අභය දානය ගැන නේ . මේ ලිපිය සියදිවි නසා ගැනීම ගැනයි. මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධ මාතෘකාවක් හින්ද මගේ අදහස ලියන්න හිතුනා. බෞධාගම ගැනත් ජීවිතය ගැනත් වැඩි අවබෝධයක් නොමැති ඇතැමුන් මේ දවස්වල නගන තර්ක කීපයක් පහත දැක්වෙනවා.


- සියදිවි නසා ගැනීම මහා පාපයකි.
- සියදිවි නසා ගැනීම බෞධයෙකු වශයෙන් නොකළ යුත්තකි.
- පර පන නැසීමට වඩා බලවත් පාපයක් සියදිවි නසා ගැනීමෙන් සිදුවේ.
- වෙනකෙකු බේරාගැනීමේ අදහසින් තම පන දෙන්නා මෝඩයෙකි.
- ප්‍රාණඝාතය වැළැක්වීමට තම ප්‍රාණය ඝාතනය කිරීම ත් තවත් ප්‍රාණ ඝාතයකි. තර්කයට නොගැලපෙන්නකි. විහිළුවකි.

ලෝකය යනු කුමක්ද ? භවයයි. ලෝක පාලන ධර්මය වන කර්මය සකස් වී ඇත්තේ කෙසේද ? චේතනාව මතය. චේතනාව යනු කුමක් ද ? සිතා බලා යමක් කිරීමයි. කර්මය කි වදරුම්ද ? කවරෙකුට හෝ හානියක් , වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව අකුසල කර්මයයි. කවරෙකුට හෝ සතුටක් , පහසුවක් , ලාභයක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව කුසල කර්මයයි.

මේ බේසික් වේ. නාස්තික දෘෂ්ටි ගත් , මෙලොව පරලොව , භවය , පුනර්භවය , කුසලය අකුසලය විශ්වාස නොකරන්නා වූ නමුත් මනුෂ්‍ය ධර්මයේ පිහිටි පුද්ගලයන්ටත් මෙය අදාළ වේ. එවිට එය මෙසේ වෙනස් කර ගන්න.

කවරෙකුට හෝ හානියක් , වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව වැරදි ක්‍රියාවකි . මනුෂයෙකු වශයෙන් නොකළ යුත්තකි. කවරෙකුට හෝ සතුටක් , පහසුවක් , ලාභයක් ඇති කරන චේතනාව සහ ක්‍රියාව උතුම් ක්‍රියාවකි. මනුෂයෙකු වශයෙන් කළ යුත්තකි.

Q: ඇත්තටම සියදිවි නසා ගැනීම මහා පාපයක් ද ? ඇත්තටම බෞධයෙකුට යම්කිසි සාධාරණ කාරණයකට සියදිවි නසා ගැනීම පාපයක් ලෙස ගණන් ගනෙනවාද ?

ඇත්තෙන්ම නැහැ. ඇතැම් අවස්ථා වල බුදු රජාණන් වහන්සේ අනුදැන වදාරා තිබෙනවා සියදිවි නසා ගැනීමට සුදුසු වන අවස්ථා. ඒවායින් කීපයක් ගෙන බලමු.

මහලුවී ස්වකිය කටයුතු කරගැනීමට නොහැකි වී එකතැන් වූ අවස්තාවක් ආ විට , මල මුත්‍ර ගොඩේ වැතිර ගෙන උපස්ථාන කරන පුද්ගලයන්ට තමන් සැබවින්ම වදයක් කරදරයක් වූ විට , හොඳ සිහි කල්පනාව පවතී නම් , ආහාර වර්ජනය කොට සියදිවි නසා ගැනීමට අනුදැන වදාරා තිබෙනවා.

මාර්ග ඵලයකට පැමිණ මිස මේ අසුන් ගත ආසනයෙන් නැවත නොනැගිටිමි කියා ධර්මයට ජීවිතය පුජා කොට පධන් විර්යය වැඩිම උන්වහන්සේ පසසා තිබෙනවා මිස ඝර්භා කර නැහැ. එවන් අවස්තාවක ඇතැම් කෙනෙක් තම අධිෂ්ටානයේ දැඩිකම නිසා සහ පින් මද කම නිසා මාර්ඝ ඵලයකට නොපැමිණ වියලී මිය යනවා. නමුත් ඔවුන් එමගින් සුගතියක උපත ලබනවා කියා ඇතිවා මිස සියදිවි හානි කරගැනීමේ පාපයෙන් අපායේ යනවා කියා වදාරා නැහැ. මක්නිසාද එහි අරමුණ හෙවත් චේතනාව වන්නේ වෙන දෙයක් නිසා.

Q: එතකොට අරමුණද ඔක්කොටම වඩා වැදගත් ?

නැත්නම්. බුද්ධාගමේ පමණක් නොවෙයි සාමාන්‍ය මනුෂ්‍ය නිතිය අනුව ගත්තත් චේතනාවකින් තොරව (Mens rea) හානි කිරීමේ අදහසකින් තොරව වෙන දෙයක් මහා අපරාධ ලෙස අපරාධ නීතියේදී ගණන් ගන්නේ නැහැ.

උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට පිලිනොගන්වාගෙන යමක් වැළඳීම කැප නැත. එසේ වළඳුවහොත් ඇවත් වේ . දිවි දෙවැනි කොට ස්වල්ප වූ වරදෙහිත් දොස් දකිමින් ප්‍රතිපත්තීන් රකිනා ස්වාමින් වහන්සේ නමක් හට ආහාර ළඟ තිබුනේවි වුවද පිළිගැන්වීමට කිසිවෙකු නොමැති නම් සිදු වන්නේ කුසගින්නේ මියයාමටයි. මෙයත් එක ආකාරයක සිය දිවි නසා ගැනීමකි. නමුත් එසේ දිවි දෙවැනි කොට තම ප්‍රතිපත්තීන් සහ ශිලය රක්ෂා කිරීම නිසා තම දිවි තොර වීම පාපයක් නොව උතුම් කුසලයක් බව වදාරා ඇත්තේය.

Q: අපෝ ඕව මේ ආදී කාලේ ඒවනේ. දැන් කාලෙන් උදා හරණයක් දෙන්න.

හා ඔන්න ඉන්නවා පාතාල නායකයෙක්. උන්නැහේ ගෝලයෙක් ලඟට අඬගහල කියනවා අරුව මරපන් නැත්නම් මං උඹව මරනවා කියල. මේ ගෝලය ප්‍රතිපත්ති ගරුක තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්. ඔහු තමන් වෙත බාරදුන්න කොන්තරාත්තුව ප්‍රතික්ෂේප කරනවා. තමන් මැරුණත් වෙන කෙනෙක් ගේ ජීවිතය තොර කරන්න ඔහු කැමති නැහැ. එසේ කිරීමෙන් ඔහු මරණය තෝරා ගන්නවා. මෙයත් සිය දිවි නසා ගැනීමක්. නමුත් එය පවක්ද පිනක්ද ? හීන , පහත් ක්‍රියාවක්ද ? උතුම්, සත්පුරුෂ ක්‍රියාවක්ද ?

ආ .. එක නම් හොඳ වැඩක් නේ ..

එතකොට දැන් තේරුනාද සියදිවි නසා ගැනීම සෑම විටම පවුකාර නරක ක්‍රියාවක් වෙනෙන් නැති බව ? චේතනාවට අනුව එහි කුසලාකුසල බව තීරණය වෙන බව තේරුනාද ?

Q: එතකොට කොහෙන්ද මේ සියදිවි නසා ගැනීම කියන්නේ මහා පවුකාර වැඩක් කියන මතය මේ මිනිස්සුන්ගේ ඔලු වලට වැටුනේ ?

දේව නිර්මාණ වාදී ක්‍රිස්තියානි , ඉස්ලාම් වැනි ආගම් වලට අනුව මිනිහට ජිවිතේ දුන්නේ දෙයියෝ. මෙලොවක් , පරලොවක් නැහැ. කර්මයක් විපාකයක් නැහැ. භවයෙන් භාවයට යන ජිවිතයක් නැහැ. දෙයියෝ දුන්න ජිවිතේ සම්පුර්ණයෙන් එන්ජෝයි කරලා මැරෙන්නේ නැතුව ඒක තම මතයට හමාර කිරීම ලොකු වරදක්. දෙවියන්ට එරෙහි වී යාමක්. එක හින්ද එක ලොකු පවක් විදියටයි ඒ ආගම් වලට අනුව නම් ගැනෙන්නේ. එහෙම වෙන්න ඇති මෙහෙම මිත්‍යා මතයක් එන්න හේතුව.

කොහොම උනත් සර්ව ව්‍යාපී , සියල්ල දන්නා , සියල්ල තීරණය කරනා , සියල්ල මැවූ දෙවියන් වහන්සේ කියල තමයි කියන්නේ. සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙනම් මිනිහ සියදිවි නසා ගන්නෙත් දෙවියන්ගේ කැමැත්තට අනුව නේද ? එහෙනම් දෙවියන්ගේ කැමැත්තට දෙවියෝ කරපු දෙකට ඒ මිනිහ මොනවා කරන්නද ?

සර්වඥ නොවූ ශාස්තෘන් දේශනා කරන ලද මිත්‍යා ශාසන වල සවභාවය මෙසේ වන්නේය. තමන් දේශනා කල දෙය තමන්ටම පාරාවළල්ලක් වී පැමිණ දිරුණු අටුවක් කඩා වැටෙන්නා සේ ඔවුන්ගේ ඉගැන්වීම් ද තර්කයට යටවී නිෂ්ප්‍රභා වී යයි.

කොටින්ම කියනවා නම් මහා බෝධිසත්ව වරයෙකුට පාරමිතා මුදුන් පමුණුවාගෙන බුධත්වය ලබාගන්නත් බැහැ සියදිවි නසා ගැනීම ඔය කියන ආකාරයේ ඝෝර පාපයක් වෙනවා නම්. බුද්ධත්වය ලැබීමට නම් මහා බෝධිසත්ව වරයෙකුට ඇස් , ඉස් , ලේ , මස් පමණක් නොව ජිවිතයද පරමත්ත පාරමිතා පිරිම් වශයෙන් දන් දිය යුතු වෙනවා. මේ සියල්ල අනෙකුගේ බල කිරීමක් නොමැතිව තමන්ම සව කැමැත්තෙන් අන් සත්වයන් සුවපත් කිරීමේ පරමාර්ථයෙන් කල විට ලැබෙන්නේ කුසල් ද අකුසල් කියා සිතා බැලිය යුතුයි.

ස්වකිය ජීවිතය යනු සත්වයෙකුට ඇති ප්‍රියතම දෙය බව සඳහන්. මෙය අන් සත්වයෙකුගෙන් උදුරා ගැනීම හෙවත් සත්ව ඝාතනය නම් අති මහත් පාපයක්. වරදක්.

Q: ආ , එතකොට තමන්ට ප්‍රියතම දේ වන තමන්ගේ ජීවිතය තමන් උදුරා ගැනීම , විනාශ කර ගැනීම පාපයක් වෙන්නේ නැද්ද ?

ජිවිතයේ ඇතැම් අවස්ථා වල ඔබ තමන්ට ඉතාමත් ප්‍රිය දේවල් අනිත් කෙනෙකුට දී සතුටු වෙනවා. කුඩා දරුවෙකුට තමන් කන කේක් කැබැල්ල ඉතාමත් ප්‍රියයි. නමුත් ඇතැම් විට ඒ දරුවා එය තම යහළුවාට පරිත්‍යාග කොට ඇය එය භුක්ති විඳිනු බලා සතුටු වෙනවා. මෙය ලෝභයෙන් තොරවූ පරිත්‍යාග චිත්තය. තමන් සතු තමන්ට ඉතා ප්‍රිය දෙයක් අනිකෙකුට දීම සහ එයින් සතුටු වීම.

තමන් සතු දෙයක් පිලිබඳ තීරණය ගැනීම තමන් ට අයිති දෙයක්. කේක් කැබැල්ලක් , මිල මුදල් , ඇඳුමක් වගේම තමයි තමන් සතු තමන්ගේ ජීවිතයත්. තමන් සතු එය අනිකෙකු ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම වරදක් වන්නේ කෙසේද ?

තමන් ගේ දේ කොහොමද තමන් උදුරා ගන්නේ ? එය තමන්ගේ නොවේද ?. මෙය තමන්ගේ පර්ස් එකේ තියෙන තමන්ගේ මුදල් තමන් ගැනීම , උදුරා ගැනීමක් , වරදක් විදියට දකිනවා වගේ නොවේද ?.

කෙසේ වුවත් බෞධයෙක් වශයෙන් නොව ප්‍රයෝගික භාවිතාව සලකන කෙනෙකු වශයෙන් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සියදිවි නසා ගැනීම මා නම් පොඩ්ඩක් වත් අනුමත කරන්නේ නැහැ. මැරුණු මිනිසෙකුට සමාජීය සහ ශාසනික වශයෙන් කල හැකි මෙහෙවර අවමයි. ජිවත්ව සිට තම අරමුණ වෙනුවෙන් දිවි නොතකා කටයුතු කරා නම් එයයි උතුම්. එයයි ප්‍රායෝගික. එයයි මේ වෙලාවේ වැදගත් වන්නේ.

Saturday, May 25, 2013

තර්කානුකුලව පින් නොකිරීම

කුඩා කල , දැනට වඩා තද බල ලෙස ප්‍රඥා හීනව , එහෙයින් තර්කානුකුලව කරුණු වටහා ගත නොහැකිව සිටි කාලයේ , මා බලවත් ලෙස විශ්වාස කල කරුණු කීපයක් විය. බැලු බැල්මට බුද්ධිමත් , තර්කානුකුල ලෙස , බිඳ ලිය නොහැකි සේ පෙනෙන එම අදහස් වලින් කීපයකි මේ.

1.තම්බි මුදලාලිට නොසෑහෙන ගානක් දීල හරක් අභය දානය පිණිස නිදහස් කරන එක මහා මෝඩ වැඩක්. ඒ මිනිහ ඒ දෙන ගානෙන් තව හරක් දෙන්නෙක් මිලට අරන් බෙලි කපනවා. ඒක හින්ද හොඳම වැඩේ ඔය මෝඩ වැඩ වලට මුදල් නාස්ති නොකරන එක.

2. පන්සිල් අරන් වැඩක් නැහැ. කැඩෙනවා නේ. ඒක හින්ද මොකට බොරු පොරොන්න්දු දෙන්න පන්සිල් ගන්නවද. නොගෙන ඉන්න එක වැඩිය හොඳයි.

3. හම්බ කිරීම කියන්නේ ලැබෙන දේ අරපරිස්සම් කිරීම. ( © ගාමිණි ඈපා, හිටපු විගණකාධිපති ) නිකන් මොකටද එක එකාට , පන්සල් වලට තමන් හම්බ කරන දේ දෙන්නේ. තමන්ගේ ධනය නාස්ති වෙනවා විතරයි.
තව මගේ මෝඩ අදහස් ගොඩක් තිබ්බ. දැනට මේ ටික අරන් විමසලා බලමු ඒ එක එකේ තියෙන මුලාව සහ මෝඩ කම.

1. අභය දානය.
සත්වයකුට අභය දී මරණයෙන් ගැලවීමට හැකි නම් එය මහා කුසලයකි. සියලු සත්වයෝ තමන්ගේ ජිවිතයට අන් සියල්ලටම වඩා ප්‍රිය කරති. සිංහාසනයේ අසුන් ගෙන සිටින රජුත් , බිම සෙවල අතුරමින් යන ගොලුබෙල්ලාත් , සාපිපාසා දෙකෙන් ගිනි ගෙන දැවෙමින් ඒ මේ අත දුවන ප්‍රේතයාත් , ලොහොකුඹු නිරයේ බුබුළු දමමින් දැවෙන නිරි සතාත් අන් සියල්ලටම වඩා තම ජිවිතයට ප්‍රිය කරති. ක්‍ෂණික උමතුව හෝ මෝඩ කම නිසා ජීවිතය එපා වී වහ බිවු තැනැත්තාත් පසුව ඉස්පිරිතාලයේ ඇඳේ හාන්සි වී යදින්නේ තම ජීවිතය බේරා දෙන ලෙසටයි.

මෙසේ සියල්ලන්ටම අත්‍යන්ත ලෙස ප්‍රිය වූ දෙයක් ලබා දිය හැකිනම් එය මහත් වූ කුසලයකි.

අභය දානය ලබන තැනැත්තාගේ ගුණ මහත්වය අනුව කරන තැනැත්තාට ලැබෙන කුසලය බලවත් වේ. හරකෙකු නිදහස් කරනවාට වඩා අපරාධ කාරී මිනිසෙකු හට අභය දිය හැකි නම් එය ශත සහශ්‍ර ගුණයකින් බලවත් කර්මයක් වේ. එයටත් වඩා බලවත් වන්නේ නිර්දෝෂී , යහපත් , නිවරදේ වරදට හසුවූ තැනැත්තෙකු බේරා ගත හැකිනම් ය.

එනමුත් , අරාබියේ සිදු වුවත් , දැනට ශිෂ්ටාචාර ලෝකයෙහි මුදල් හෝ අන්කිසි වරප්‍රසාදයක් ලබා දී මිනිසෙකුගේ ජිවිතයක් ගලවා ගත හැකි ක්‍රමයක් නොමැත. එහෙයින් කුසලෙහි ලොබ බැඳී තැනැත්තා හට අවස්තාව ඇත්තේ හරකෙකු වැනි සතෙකු මරණින් බේරා ගෙන අභය දානමය කුසලයෙහි සිත පහදවා ගැනීමයි.

Q: එතකොට මිනිහගේ , හරකාගේ ජීවිතය ලොකුද කුඹියා ගේ ජිවිතයට වඩා ? හරක මරණ එකට කැමති නැහැ , නමුත් මාළු මරණ එකට මුකුත් කියන්නේ නැහැ. මේ හැම සතා ගේම ජිවිත එකයි නේද ?

පරමාර්ථ වශයෙන් බැලු විට සියලු සත්වයන්ට ඇත්තේ එක ම ආකාරයේ විඥානයක් බව පෙනේ. නමුත් එහි වෙනස් කම් දියුණු නොදියුණු කම් ඇත. කාර් යන කුලකය තුල කෑලි හැලෙන ලදරන් සේම B.M.W X6 වාහනද ද ඇත. එලෙසින් සත්වයන්ගේද පාප කර්මයන්ගේ හේතුවෙන් පහත් තත්වයට පත්වූ ගර්භිත විඥානයන් සේම පුණ්‍ය බලයෙන් , උසස් ගුණධර්ම පිරු ආත්ම භාවයන්ගේ ආනුභාවයෙන් උසත් තත්වයට පත්වූ විඥානයන් ද ඇත.

Q: ඉතින් ?

ඉතින් එතකොට, එසේ පහත් විඥානයන් ඇති සත්වයන් තිරිසන් සතුන් ආදී පහත් ආත්ම භාව වලද උසස් විඥානයන් ඇති සත්වයන් මනුෂ්‍ය , දේව ආදී උසස් ආත්ම භාව වලද ඉපදීම සිදුවේ.

මිනිසුන් අතරද වැඩිදියුණු කරන ලද විඥානයන් අති මනුෂ්‍යයන් උසස් කුල වල , සැප ඇති ආත්ම භාව ලබා අන් සතුනට යහපත සලසමින් ජිවත් වෙති. එතරම් වැඩිදියුණු නොකරන ලද විඥානයන් ඇති මිනිසුන් තමන්ට වත් අනුන්ටවත් පලක් නැති හිස් දේවල ගැලෙමින් සිටිති.

සත්වයන් අතරද ඒ මට්ටමට අනුව... උසස් විඥානයන් ඇති සත්වයන් අලියන් , සිංහයන් , හරකුන් වැනි සතුන් වීද පහත් විඥානයන් ඇති සත්වයන් කිරි පණුවන් , කැරපොත්තන් ආදී ගර්භිත සත්වයන් වීද උපති.

Q: ඉතින් ?

ඉතින් මේ කියන්න හැදුවේ සත්වයන් කිසි විටක වත් සමාන වෙන්නේ නැති බවයි. කැරපොත්තා සහ රජතුමා සමාන ද ? ඔබගේ දරුවා සහ ඇයගේ ශරීරයට පැමිණ ඇය ලෙඩ කර ඇතැම් විට ඇය මරා දමන ඩෙංගු වයිරසය සමානද ? නෑ නේද ? ඒවගේ තමයි. හරකා ගේ ජීවිතය සහ මාළුවාගේ ජීවිතය සමාන නොවන්නේ ... ඒ සමාන නොවෙන නිසා ඒ දෙක එකම ආකාරයේ ප්‍රාණ ඝාත වන්නේ නැහැ.

ප්‍රාණ ඝාතයේ අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය බවක් තිබේ. ශරීරයෙන් විශාල සතෙකු මැරීමේදී වැඩි වෙහෙසක් සහ කාලයක් ගත වේ. ඒ අතර තුර එම සත්වයා විඳින වේදනාවද සාපේක්ෂව දරුණුය.

Q: එහෙම කොහොමද වෙන්නේ ?හරකට දැනෙන වේදනාවම නේද කුඹියාටත් දැනෙන්නේ ?

ශරීරයෙන් කුඩා සත්වයන්ගේ ස්නායු පධතිය එතරම් සංකීර්ණ නොවේ. එම නිසා එම කුඩා සත්වයන්ට විශාල සත්වයෙකුට සේ දරුණු ලෙස වේදනා නොදැනේ. හුනා අනතුරක් පැමිණි විට තම වලගය කඩා දමා දුවයි. මිනිසෙකු ලෙස ඔබටත් එලෙසින් අතක් කඩා දමා දිව යන්නට සිත් දේද ? එයින් දැනෙන වේදනාවට වඩා මරණය යහපත් ලෙස සිතෙන්නේ නොවේද ?

අනිත් කරුණ වේදනාව දැනෙන කාල පරාසයයි. හරකෙකු මැරෙන විට මිනිත්තු 10ක් වේදනා වින්දා නම් , කුඹියෙකු මැරෙන විට විඳින්නේ තත්පර කීපයක වේදනාවකි. ඉතින් කවුද වැඩිපුර මරණ වේදනා විඳින්නේ ? හරකද ? කුඹීයා ද ?

Q: ඉතින් ...

ඉතින් කියන්න තියෙන්නේ විවිධ සත්වයන් විඳින මරණ වේදනාව එක හා සමාන නොවෙන බවයි.

ඉතින් ශරීරයේ විශාලත්වය අනුව සේම , ගුණ මහත්වය අනුවද ප්‍රාණඝාතය අල්ප හෝ මහා සාවද්‍ය වේ. හැමට උදව් කරමින් ධර්මානුකුලව ජිවත් වන උතුම් මිනිසෙකු ඝාතනය , කුඩු ගසමින් , කුඩු බෙදමින් , සොරකමේ ගැලී සමාජ පිළලයක් ව වෙසෙන කාලකන්නියෙකු ඝාතනයට වඩා මහා සාවද්‍ය වේ.

Q: එහෙම වෙන්නේ කොහොමද ? දෙන්නම මිනිස්සු නේ ?

ඔව් මිනිස්සු තමයි. එක් අයෙක් මනුෂ්‍ය දෙවියෙකි. අනිකා මනුෂ්‍ය තිරිසනෙකි. මනුෂ්‍ය සාධාරණත්වයට , නීතියට අනුවද නඩු කාර තුමා නඩුව විමසා බලා යහපත් මනුෂ්‍යා ඝාතනය කල තැනැත්තාට ඝර්භා කොට හැකි උපරිම දඬුවම් ලබා දෙයි. කුඩ්ඩා මැරූ තැනැත්තාට ඇතැම් විට තදින් අවවාද කොට ලිහිල් දඬුවමක් දෙයි. කර්ම විපාක දීමෙහිද මීට වඩා වැඩි වෙනසක් නැත.

Q: ඒක හරිම අසාධාරණයි නේ.. කෝ එතන කිසිම සාධාරණත්වයක් නැහැ නේ ?

ඔව් ඇත්ත තමයි. සමාජ සාධාරණත්වය යනු පසුගිය සියවස් දෙක තුන අතර කාලයෙහි මිනිසුන් විසින් මවා ගන්නා ලද කොන්සෙප්ටුවක් මිය ඇත්තටම ඇති දෙයක් නොවේ. ස්වභාවික ලෝකය සැම විටම අසාධාරණය. කුරිරුය. සාධාරණත්වය යනු මනුෂ්‍ය මනසින් මවා ගන්නා ලද විකුර්තියකි. ලෝකයෙහි , සංසාරයෙහි ප්‍රකුර්තිය වන්නේ අසාධාරණත්වය , ප්‍රබලයා දුබලයා ගොදුරු කර ගැනීම සහ සැම කල්හිම පවත්නා වේදනාවයි. බුදු කෙනෙකුන් පහල වන්නේ මේ අසාධාරණයෙන් , දුකින් පිරුණු ලෝකයෙන් එතෙරට කීප දෙනෙකුන් ට හෝ යාමට උපකාර වීම පිණිසයි. එම අසාධාරණ බව , යතාර්ථය පෙන්වා දුන්නාට උන්වහන්සේට , උන්වහන්සේගේ ධර්මයට බැනිමෙන් පලක් නැත. කල යුත්තේ නුවනින් අවබෝධ කර ගැනීමයි.

ආයිත් මාතෘකාවට එමු.
ඉදින් , වර්තමාන ලෝකයෙහි සාමාන්‍ය මනුෂයෙකුට අභය දානය කියා කිරීමට ඇත්තේ මරණයට කැපවූ හරකෙකු වැනි සතෙකු මරණින් නිදහස් කිරීමයි.

නමුත් කල හැකි දක්ෂ , නුවණැති තැනැත්තෙකුට තවත් විවිධ ආකාරයෙන් අභය දානමය කුසලය කර ගත හැක. මලපුඩු වලට අසු වූ සත්වයන් ඒවායින් නිදහස් කර සුවපත් කොට හැරීම. හදිසි අනතුරු වලට භාජනය වී මිය යන මිනිසුන් සහ සත්වයන් ප්‍රවාහනය කිරීමට , ප්‍රතිකාර කිරීමට සහය වීම වැනි සැමටම තේරුම් ගත හැකි දේ මෙන්ම කවුරුත් වැඩිය නොසිතන ක්‍රම වලින්ද මෙම කුසලය රැස් කර ගත හැක.

වැසිකිලි පෝච්චියෙහි වැටී ගිලෙන කොඳුරුවෙකු හෝ සලබයෙකු ගොඩින් ගෙන තැබීමෙන් මෙන්ම පාර තිබියදී තණකොළ බිස්සේ සතුන් පාග පාගා මරා දමමින් ඔබ යන ගමන නුවනින් යුතුව සිතා නවතා දැමිය හැකිනම් එයින්ද රැස් වන්නේ අභය දානමය කුසලයයි.

චේතනාවක් නොමැතිව කර්මය සකස් නොවේ. සතුන් මැරීමේ අදහසින් තොරව තණ බිස්සේ අවිද්දාට එයින් රැස්වෙන අකුසලයක් නැත. නමුත් සතුන් කෙරෙහි කරුණාවෙන් යුතුව උනට අභයදානය දෙන චිත්තයෙන් යුතුව එය පෑගීමෙන් වළකින්නේ නම් එයින් අනිවාර්යයෙන් කුසල් රැස් වේ. එලෙස අමුතු ආකාර වලින් කුසල් රැස් කර ගැනීමට අප ප්‍රඥාවත් විය යුතුය. දක්ෂ විය යුතුය.
ඉතින් ... තම්බි මුදලාලිට කීයක් හෝ දී සතෙකු නිදහස් කර හැරීමේදී අපගේ සිතෙහි ජනිත වන්නේ පෙර කි අභය දානමය කුසල චිත්තයයි. තම්බි මුදලාලි එම මිලට සතුන් දෙදෙනෙකු ගෙන බෙලි කැපීම මෙයට අදාළ නොවේ. එය ඔහු රැස් කරන පාප කර්මයයි. එයට අපගේ හවුලක් නැත. ඇතැම් විට ඔහු එම මුදල යොදා හරක් නොගෙන ඔහුගේ නිවස සෑදීමට හෝ ඔහුගේ දරුවෙකුගේ අසනීපයකට එම මුදල යොදවනවා ඇත. එය ඔහු සතු කාර්යයක් මිස අප සිතිය යුතු දෙයක් නොවේ.

ලෝකයේ සත්ව ඝාතනය සැම කල්හිම පවතී දෙයකි. අප විරුද්ද වුවා කියා එය නවතින්නේ නැත. සියලු සත්වයන්ට අභය ලැබෙන යාන්ත්‍රණයක් ලෝකයේ කිසි කලක තිබුනේ නැත. අනාගතයේ කිසි කලක ඇති වන්නේත් නැත. එසේ හෙයින් අප කල යුත්තේ හැකි පමණ සත්වයන් , හැකි ලෙසකින් මරණින් මුදා ලීම මිස අප එම යොදන මුදලින් අනුන් කරන දෙය ගැන පේන බැලීම නොවේ.

අති පණ්ඩිතයාට ඒදණ්ඩේ යා නොහැකිවා මෙන්ම පිනක් කර ගතද නොහැකිය. ඒ පණ්ඩිත කම නිසා රැස් කර ගන්නා කුසලයක් නැති හෙයින් මරණින් මතු ඊයම් බරුවක් දියේ ගිලෙන්නාක් මෙන් හෙතෙමේ නිරයට පැමිණීම නම් නොවරදවා වන්නේය.

Q: එතකොට ඔයා කියන්නේ අභය දානය හොඳයි කියලද . ඒ මුදලම වියදම් කරලා අහිංසක දරුවන්ට පොත් , පෑන් පැන්සල් අරන් දීල ඒ අයට උදවු කරනවට වඩා ?

මම කොහෙද එහෙම කිව්වේ ? කුසල් එහෙම සංසන්දනය කරන්න බැහැ. ඉහත ක්‍රියා දෙකෙන් ලැබෙන්නේ වෙන වෙන ආකාරයේ විපාක. මෙහෙම ගමු.

අධ්‍යාපනයට උදවු කිරීමේ විපාක වශයෙන් ඔබ වෙන ආත්ම භාවයක ඉතා බුද්ධිමත් වී , හෙන මීටරයක් වෙලා උපත ලබා තම අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක ලෙස නිම කරාවි. අවුරුදු 25 දී පමණ වෙනත් භාවයක කරපු අකුසලයක් පලදිල ඔබ දරුණු රිය අනතුරකට මුහුණ දෙවි. ඒකෙන් මරණය පෙනී පෙනී රෝහලේ ඉන්න විටක ඔබේ පිහිටට එන්නේ පොත් දීපු කර්ම විපාකය නොවෙයි. පෙර භවයක අනිකෙකුගේ ජීවිතය රැක දීමෙන් ඔබ රැස් කරපු කුසලය. එහෙම එකක් නැත්නම් ඉතින් සුපිරි මීටරයක් වන ඔබ අවුරුදු 25 දී වැලිගම් යයි. මොකද්ද හොඳ , මොකද්ද ඔබට වඩා වැදගත් කියල ඔබම තීරණය කරන්න.

මෙයින් පැහැදිලි වෙන දෙයක් තමයි සමතුලිත ලෙස නැත්නම් සිංහලෙන් කියනවා නම් බැලන්ස් කරලා පින් කිරීමේ වැදගත් කම. එකම ආකාරයේ පින් කරන්නේ නැතුව විවිධ ආකාරයේ පින් ප්‍රඥාවෙන් සිතා බලා කිරීමෙන් ඉදිරි ආත්ම භාවයන් වඩා සාර්ථක , සතුටු දායක වේවි.

අනිත් කරුණු දෙක ගැන වෙන වෙලාවක බලමු නේද ?