Friday, September 23, 2011

Poetic Preaching (අට විසි බුද්ධ වන්දනා) by Ven. Manakandure Pannasara thero


© 2011, Ancient Buddhist Sites in Sri lanka
Manakandura is a beautiful village in Yakkalamulla Pradeshiya Sabha in Galle district.Ven. Manakandure Pannasara thero  was ordained on the 1st of February 1992 at Yakkalamulla Udumalagala Gangarama Purana Viharaya.  After receiving primary training appropriate to lead a life of a true disciple of the Buddha at Sri Adichchawansa Pirivena in Manakandura, he continued training at Nugegoda Subhadrarama Maha Pirivena. 

The life of Ven. Manakandure Pannasara thero changed after arriving at Pamankada Gangarama Viharaya which is connected to Udumalagala Gangarama Viharaya. Most Reverend Meegoda Pannaloka thero who is known nationally and internationally for the immense service rendered to the sasana, supported and guided Manakandure Pannasara thero in his poetic preaching. After Ven. Meegoda Pannaloka thero became a victim to the tidal wave in 2004, Manakandure Pannasara thero became the chief incumbent of Pamankada Gangarama Viharaya. 

Ven. Manakandure Pannasara thero is widely known for the great service he rendered to mould the society through poetic preaching. Ven. Manakandure Pannasara thero is grateful to Sangeeth Record Bar in Petta, Kalabhooshana Meegoda Mudiyanse, the Chief Incumbent of Paliyagoda Navaloka Viharaya Ven. Pannala Gnanaloka thero and Mr. Priyantha of Miyuru Geeth Record Bar for the support given to publish the largest number of poetic preaching yet. 
 (2011, About Ven. Manakandure Pannasara thero )
Ven. Manakandure
 Pannasara thero

You can purchase these poetic preaching from Sangeeth Record Bar in Petta , Sri Lanka.

Following  are his contact details:

Ven. Manakandure Pannasara thero
Gangaramaya
Saranankara road
Pamankada
Dehiwela.Sri lanka
TP: +94 714034007



මානකඳුරේ  පඥාසාර  හිමියන්ගේ
අට විසි බුද්ධ වන්දනා  කවි

1
රුක්අත්තන බෝධියේ බුදු වුවා
පාරමී බලයෙන් සිදු විය ඒවා
තණ්හංකර බුදු හිමි සැරදේවා
ඒ හිමි බලයෙන් සෙත අත්‍ වේවා

2
කැලි බෝධි මූලෙහි බුදු වුවේ
මේධංකර හිමි පෙළහර පෑවේ
ඒ හිමියන් දුන් තැන්පත් බාවේ
ලැබගෙන සවු සත නිදුක් උනාවේ

3
පලොල් බෝධි යට බුදුවිය නිබඳේ
එම ගුණ සම්පත නිරතුරු සුව දේ
සරණංකර නම් සම්බුදු සමිඳේ
ඔබේ සරණ ලැබ සව් සත සැරදේ

4
නෙරළු බෝධියක් යටදී සුන්දර
බුදු වන්නට තිබුනා පෙර පින් කර
සම්බුදු සාමි විය දීපංකර
ඒ හිමි දේවා දිවි සංසුන් කර

5
සල් ගස යටදී බුදු බව ලැබුනේ
කොණ්ඩඥය යනුවෙනි නම තැබුනේ
ලැබ ඒ සමිදුන්ගේ බුදු සරණේ
සැමට ලැබේවා නිති රැකවරනේ

6
නා ගස යට බුදු රජ වූ මංගල
පෙරුම් පුරා ඇත අසීමිත පින් කර
ඒ සමිදුගේ සරණින් මේ තුන් හෙළ
සැරදේවා නිදුකින් විඳ පින් බල

7
නා ගස සෙවනේ පලකල තේජා
සුමන නමින් උනු සම්බුදු රජා
සරණ පතන්නෙමි කරමින් පූජා
ලැබේවා අප හට සවි බල ඕජා

8
නා ගස යට බුදු වුන හිමි රේවත
පාරමී පැතුමෙන් වුවා පුජිත
සමිඳු සරණ ලැබ ලබා අමා සෙත
ජයෙන් දිනේවා සරු වී ජීවිත

9
සෝභිත බුදු හිමි පෙර බුදු වුවා
නා ගස සෙවනේ බුදු බව පෑවා
ඒ හිමියන් සරණව සෑදේවා
සෝභිත හිමි නාමෙන් ජය වේවා

10
කුඹුක් ගසක් යට ලැබ බුදු පදවී
අනෝමදස්සී වී මරු බිඳවී
සවුසත වෙනුවෙන් බුදු පද යෙදවී
වේවා රට ඒ සරණින් තෙදවී

11
මුරුත ගසක් යටදී බුදු වෙනවා
පදුම නමින් ලෝ තුල බැබලෙනවා
ඒ හිමි සරණින් අප සැනසෙනවා
ලෙඩ දුක් රෝ බිය හැම දුරු වෙනවා

12
නාරද නාමෙන් දහම පසක් කොට
බුදු විය පෙරදා බුරුත් ගසක් යට
ඒ බුදු හිමි දුන් සේක ඇසක් මට
එලිය ලැබේවා අඳුර දුරස් කොට

13
අට විසි බුදු වරයෙකි පදුමුත්තර
සලල ගසක් යට පෙන්විය මොක්පුර
ඒ හිමි සරණින් අප සුව පත් කර
එලිය පෙනේවා ලොවටම නෙත් හැර

14
සුමේධ බුදු හිමි බක්මී සෙවනේ
බුදු වී සැනසින ඉමිහිරි නිවනේ
ඒ හිමි සරණින් දුක් ගොස් පවනේ
සෙත් කවි පැටලේවා අප සවනේ

15
සුජාත බුදු හිමි උණ ගස යටදී
බුදු විය ඒ මහ රුකටම පිටදී
ඒ හිමි සරණින් අප සැම වොරැඳි
පිහිට ලැබේවා තුන් සිත පැහැදී

16
කුඹුක් ගසක් යට ඔවා සුන්දර
පියදස්සි යන නම ඇත අත්කර
එවන් නාමයෙන් දුරු වී කරදර
සහන ලැබේවා අපලද සුන්කර

17
අත්ථදස්සි බුදු පදවී ලබන්නයි
සපු ගස යටදී ඇත්ත දකින්නයි
ඒ හිමි සරණය අපත් පතන්නයි
මෙත් කරුණාවෙන් අපව රැකෙන්නයි

18
රත් කරවී නම් ගස යට බුදු බල
ධම්මදස්සි නාමෙන් විය සුපතල
දුරු වී කරදර හිරිහැර වියවුල
අප රැක දේවා ඒ හිමි නිකසල

19
කිණිහිරියා ගස යට වී සුවපත්
වීමෙන් බුදු විය නාමෙන් සිදුහත්
සිදුහත් බුදු හිමි නාමෙන් අනුදත්
සුවපත් වේවා අපගේ හදවත්

20
තිස්ස නමින් සම්බුදු විය ලොව්තුරු
කොහොඹ ගසක් යට කෙරුවා බවදුරු
අපගේ ජීවිත වෙන්නට පියකරු
එවන් සමිඳු සරණම වේ නිරතුරු

21
නෙල්ලි ගසක් යට දී පෙර දාක
පුස්ස නමින් සම්බුදු වුනු සේක
ඉවත හරින්නට කරදර සෝක
පිහිට ලැබේවා සරණින් නේක

22
පලොල් ගසක් යට බිදී භව කාමය
සම්බුදු විය ගෙන විපස්සි නාමය
ඒ හිමි සරණින් විඳ මනු ප්‍රේමය
රටට ලැබේවා නිරතුරු සාමය

23
ඇටඹ නමින් යුතු බෝධිය සෙවනේ
විඳ ගෙන සුවයද එන මඳ පවනේ
සිඛි නම් ලොව්තුරු සම්බුදු රදුනේ
දෙනු මැන අපහට ඔබගේ සරණේ

24
බුඩත්වය ලද ගස යටදී සල්
වෙස්සභු බුදු හිමි තිලොවට සුවිසල්
ඔබ ගේ සරණින් සමිඳුනි නිකැළැල්
සෙත සැදේවා අපහට හැමකල්

25
මාර ගසක් යට බුදුවුනු කකුසඳ
බුදු හිමියන් අප කරනෙමු ගරුපුද
යන මේ දිවියේ කරදර පොදිබැඳ
සරණ ලැබේවා ඔබගෙන් හිමිසඳ

26
දිඹුල් ගසක් යට ලැබුවා බුදු පද
කෝණාගම නාමෙන් පුද දෙයි අද
ඒ සමිඳුන්ගේ බුදු ගුණ අත් විඳ
සරණ පතන්නෙමු මොක්පුර ලුහුබැඳ

27
නුග ගස යටදී ලැබූ රැකවරනයි
කාශ්‍යප නාමෙන් සැනසූ දෙරණයි
සම්බුදු වුයේ පින්වත පොරනයි
රටටම ඒ බුදු සමිඳුගේ සරණයි

28
ඇසතු ගසක් යටදී බුදු වුවා
ගොතම සම්බුදු පෙළහර පෑවා
මේ කල්පයේදී සිදුවුනේ මේවා
ඒ බුදු සරණින් මංගල වේවා

Refer: Atavisi Buddha Vandana by Ven Manakadure Pannasara

1 comment:

  1. Wasara 12 kata pera apawathwoo ape nayaka hamuduruwanta niwan suwa athwewaa.

    ReplyDelete